23 April 2017

සැණකෙළි පවත්වන ඉන්දියාවේ ජනතාවගේ ඉරණම!



ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ තරුණයකු සිය සොහොයුරාගේ මළ සිරුර තම පාපැදියේ තබා ගැටගසා ගමට රැගෙන යෑමේ සිදුවීමක් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍යවල අවධානය යොමුව තිබේ.

තම සොහොයුරාගේ හදිසි අසනීප තත්වයක් හේතුවෙන් රෝහළ වෙත පාපැදියෙන් ගෙන යෑමෙන් අනතුරුව ඔහු මිය ගොස් ඇති අතර උණ බම්බු පාලමකින් එගොඩ වීමට ඇති නිසා ගමට කිසිදු වාහනයකට ගමන් කළ නොහැකි බැවින් සොහොයුරාගේ මළ සිරුර ඔහු තම පාපැදියේ ගැටගසා ඔහු රැගෙන ගොස් තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ ඩිම්පල් දාස් නැමති 18 හැවිරිදි තරුණයකු බව පැවසෙන අතර මීට පෙර පුද්ගලයකු තම මිය ගිය බිරිඳගේ සිරුර රෙදිවලින් දවටා කරමතින් ගෙන යාමේ සිදුවීම විදෙස් මාධ්‍යවල දැඩිලෙස කතාබහට ලක්විය.

ඉන්දියාව මේ වනවිට IPL තරගාවලිය අතිවිශාල මුදලක් වැය කරමින් සැණකෙළියක් ආකාරයෙන් පවත්වනු ලැබුවත් බහුතරයක් ජනතාව එදිනෙදා ජීවිතය ගෙවා ගැනීමට නොහැකිව අන්ත දුගී භාවයෙන් පීඩාවිඳින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කර ඇති දත්ත මගින්ද තහවුරු වේ.

No comments:

Post a Comment