23 April 2017

මීතොටමුල්ල නිසා කොළඹම අවධානම්



මීතොටමුල්ල කසළ අංගණය අසලින් ගලායන ඇළමාර්ගයේ විෂ කැලණි ගඟට එක්වීම නිසා මුළු කොළඹ නගරයේ ජනතාවගේ ජිවීතවලට තර්ජනයක් එල්ලවී ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික රවීන්ද්‍ර මුදලිගේ මහතා පැවසීය.

මරදාන සී.එස්.ආර් ශාලාවේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, මීතෙන් වායුව නිසා මීතොටමුල්ල කසළ අංගණයේ පොළව  පුපුරාගිය ආකාරයෙන්ම කරදියාන,මීපේ,ජාඇළකසළ කඳු ආශ්‍රිත භූමියන්ද පුපුරා යෑමට ඉඩ තිබෙන  බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වමින් රවීන්ද්‍ර මුදලිගේ මහතා,

“පරිසරවේදීන් කැලණි ගඟේ ජලයේ තියෙන අපද්‍රව්‍ය ප්‍රමාණය කොපමණද කියලා ගණනය කරද්දී  එම  ජලය ලීටරයකට එකතුවන අපද්‍රව්‍ය ප්‍රමාණය  (බී.ඕ.පී අගය )ඒකක අටක් කියලා ගණනය කරලා තිබෙනවා. මීතොටමුල්ල කුණු කන්ද ආශ්‍රිත ඇළ මාර්ගයේ එම අගය 40,000ක් වෙනවා.හිතාගන්නවත් බැරි අපද්‍රව්‍ය ප්‍රමාණයක් එම ඇළ මාර්ගයේ ජලයේ තිබෙනවා. එම ඇළමාර්ගයේ  ජලය කැලණි ගඟට එක්වෙනවා.කැලණි ගඟෙන් ජලය ලබාගන්නා අඹතලේ ඇතුළු කොළඹ නගරයේ ජලසැපයුමට එම විෂ එක්වීම නිසා මුළු කොළඹ නගරයේ සියලුම දෙනාගේ ජීවිතවලට තර්ජනයක් වෙලා තිබෙනවා.

ජපන් විශේෂඥයන් කියනවා මීතොටමුල්ල කුණු කන්ද ආශ්‍රිත ප්‍රදේශයේ ඉහළ මීතෙන් ප්‍රතිශතයක් තිබෙන බව.කුණු කන්දේ පොළව අභ්‍යන්තරයේ කුහර සකස් වෙලා වායු කුහර තුළඑම මීතෙන් එක්රැස්වෙනවා.එම එක්රැස්වෙන මීතෙන් වායුව සීයයට 16ක ප්‍රතිශතයක් ගන්නවා. සාමාන්‍යයෙන් වායුගෝලයේ මීතෙන් වායුව තිබෙන්නේ සියට එකටත් වඩා අඩුවෙන්. විශේෂඥයන් කිව්වා යම් තැනකමීතෙන් වායු ප්‍රතිශතය සියයට එකයි දශම පහට වැඩි නම් ඒක පුපුරා යන්න හේතුවෙනවා කියලා. ඒනිසා ඕනෑම මෙහොතක මේ භූමිය පුපුරායෑමේ හැකියාවක් තිබෙනවා කියලා විශේෂඥයින් පෙන්වාදී බෙනවා. කරදියාන,දොම්පේ,ජාඇල ඇතුළු ප්‍රදේශවලකසළ දැම්මත් ඒ ප්‍රදේශවල වාර්තා එළි දැක්වුවේ නැහැ. ඒනිසා මෙවැනි තත්ත්වයක් ඇතිවීමේ පසුබිමක් නිර්මාණයවී තිබෙනවා.මීතෙන් වායුව නිසා අභ්‍යන්තරයේ හටගත් සිදුවීම් නිසා තමයි මීතොටමුල්ලේ කන්ද කඩා වැටුණේ.”යැයිද පවසා සිටියේය.

No comments:

Post a Comment