23 April 2017

නිදහස් සන්ධානයේ ස්ථාවරය සමග එජාපයත් ඉන්නවා



රාජ්‍ය නොවන උසස් අධ්‍යාපනය අවශ්‍ය බවට එක්සත් ජනතා නිදහස් සන්ධානය මාළඹේ පෞද්ගලික. වෛද්‍ය විද්‍යාලය පිහිටුවමින් ප්‍රකාශ කළ ස්ථාවරයේ එක්සත් ජාතික පක්ෂයද සිටින බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියා.

මහනුවර පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යනු වෘත්තිය සමිතියක් පමණක් බවත් වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් වගකීම ඇත්තේ රජයට සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට මෙන්ම වෛද්‍ය සභාවට බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට මෙරට වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් කටයුතු කළ නොහැකි බවයි උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ඒ අනුව පෙන්වා දුන්නේ.

මේ අතර අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයට එක පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුවත් නොමැති බව ද සඳහන් කළා. ඔවුන් සිදු කරන්නේ විභාග අසමත් වෙමින් සිසුන් නොමග යැවීමක් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

වයස අවුරුදු විසිතුන විසිහතර වන විට විශ්ව විද්‍යාල අධ්‍යාපනය නිම කළ යුතු වුවත් ඇතැම් ළමුන්ගේ වයස අවුරුදු 32 ද ඉක්මවා ඇති බවත් සඳහන් කළා.

No comments:

Post a Comment