23 April 2017

ගුරුවරුන්ට අවුරුදු දීමනාවත් නැති සබරගමු පළාත් සභාවෙන් රට සමුළුවකට කෝටි 50 ක්



මෙවර ගුරුවරුන්ට අවුරුදු අත්තිකාරම් ගෙවීමට මුදල් නොමැති වූ සබරගමුව පළාත් සභාව ජාත්‍යන්තර සම්මේලනයක්‌ සඳහා රුපියල් කෝටි පනහක පමණ මුදලක්‌ වැය කිරීම අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්‌ව තිබේ.

තත්ත්ව කව සම්මේලනය නම් මෙම ජාත්‍යන්තර සම්මේලනය සඳහා රටවල් රැසක පාසල් සිසුන් සහභාගි වන අතර ඒ සඳහා ඇඹිලිපිටියේ සුපිරි හෝටලයක්‌ දින දහයකට බදු ගැනීමට පළාත් සභාව කටයුතු කර ඇත. ඒ වෙනුවෙන් රුපියල් ලක්‌ෂ සියයක්‌ පමණ වැය කෙරෙන බව පැවසේ.

මෙම සම්මේලනයේ සංවිධාන කටයුතු වෙනුවෙන් පළාතේ අධ්‍යාපන නිලධාරීන් විසි දෙනෙකු පමණ පසුගිය මාසයේ ඉන්දියාවට ගිය අතර ඒ සඳහාද පළාත් සභාව රුපියල් හැට ලක්‌ෂයකට අධික මුදලක්‌ වැය කර ඇතැයි එම පළාත් ආරංචි මාර්ග පැවැසීය.

මෙම වසර සඳහා පාසල්වලට ගුණාත්මක යෙදවුම් අරමුදල් මෙතෙක්‌ ලබාදීමට පළාත් සභාවට හැකිවී නැත. මේ නිසා පාසල්වලට සුළු අවශ්‍යතා පවා සපුරා ගැනීමේ හැකියාවක්‌ නැති බව විදුහල්පතිවරු පවසති. මෙවැනි තත්ත්වයක්‌ තිබියදී ජාත්‍යන්තර සම්මේලනයක්‌ සඳහා රුපියල් කෝටි ගණනක්‌ වැය කරන්නේ ඇයිද යන්නත් ඔවුහු ප්‍රශ්න කරති.

No comments:

Post a Comment