31 March 2017

තිරසර ලංකා ජාතික මංගල්‍යය අද කොලඹදී ඇරඹෙයි


 වස විස නැති රටක් තුන් අවුරුදු සැළැස්මට සහ එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක වලට සමගාමීව පැවැත්වෙන තිරසර ලංකා ජාතික මංගල්‍යය අද කොලඹදී ආරම්භ වනවා.

ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී .

පුද්ගලික සමාගම්, සුළු ව්‍යාපාරිකයන්, රාජය නොවන සංවිධාන, සමූපකාර සමිති, නිර්මාණකරුවන්, පර්යේෂකයන්, ජනමාධ්‍යවේදීන්, පාසල් සිසුන්, ගොවිජනතාව ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විවිධ පුද්ගලයන්ගේ දායකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

එසේම මෙම පස්දින වැඩසටහන තුළදී විවිධ අමාත්‍යංශ මගින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමටද සැළසුම් කර තිඛෙනවා.

ඊට අමතරව මෙහිදී වස විස නැති ගොවිතැන දිරිමත් කිරීමේ අරමුණින් වස විස නැති ගොවිතැනේ අස්වැන්න සහන මිලට පාර්භෝගික ජනතාවට අලෙවි කිරීමේ පොලක් පැවැත්වෙන බව සෙමා ආයතනයේ සභාපති අශෝක අඛේගුණවර්ධන මහතා සදහන් කළා. එසේම වස විස නැති ගොවිතැනට අත හිත දීම සදහා කෘෂිකාර්මික උපකරණ සහ බෝග ප්‍රදර්ශනයක් මෙන්ම අලෙවිසැල්ද මෙහිදී විවෘත වන බවයි ඒ මහතා කියා සිටියේ.

No comments:

Post a Comment