31 March 2017

මේජර් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා අධිකරණයට කැඳවීම විනිසුරු ප්‍රතික්ෂේප කරයි



එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සන්නද්ධ අංශ නායකයෙකු බව කියන සින්නදුරෙයි ශෂිදරන් හෙවත් එලිලන්ගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් වූ නඩුවට අදාළව, යුද සමයේදී 58වැනි සේනාංකය භාරව සිටි මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා අධිකරණය හමුවට කැඳවන්නැයි කළ ඉල්ලීම මුලතිව් මහේස්ත‍්‍රාත් එම්.සම්සුදීන් මහතා විසින් ඊයේ (30දා) ප්‍රතික්ෂේප කරනු ලැබීය. 

ඒ 2009 වසරේ අවසන් යුද සමයේදී එලිලන් ඇතුළු 12 දෙනෙකු පිරිස 58 වැනි සේනාංකය හරහා ආරක්ෂක හමුදාවට බාර වූ බවත් නමුත් එම පිරිස අතුරුදන්ව ඇතිබව කියමින් එලිලන්ගේ බිරිඳ වූ වත්මන් උතුරු පළාත් සභා මන්ත්‍රී ආනන්දි සසිදරන් මහත්මිය විසින් මුලතිව් අධිකරණයේදී ගොනුකර තිබූ හබයාස්කෝපුස් නඩු වාරයේදී ඇය විසින් මෙම ඉල්ලීම කර සිටියාය.

මෙම නඩු වාරය වෙනුවෙන් පෙනී සිටි 58වැනි සේනාංකාධිපති මේජර් ජෙනරාල් කාලිංග ගුණවර්ධන මහතා මුලතිව් අධිකරණයේ සාක්ෂි දෙමින් ප්‍රකාශ කර සිටියේ යුද සමයේදී එලෙස කියන අයුරින් යුද හමුදාව වෙත බාරවූවන් පිළිබඳ තමා කිසිවක් නොදන්නා බවත්, අවසන් යුද සමයේදී 58වැනි සේනාංකය භාර ප්‍රධානියාව සිටියේ මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා බවත්ය.

අනතුරුව ආනන්දි ශෂිධරන්ගේ නීතිඥ පාර්ශ්වයෙන් අදාළ එවකට සිටි සේනංකාධිපති වූ මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අධිකරණයට කැඳවිය යුතු යැයි අධිකරණයෙන් ඉල්ලීමක් කොට සිටියේය.

පසුව අදාළ ඉල්ලීමට  බහුතර විරෝධයක් මතුවූ හෙයින් මුලතිව් මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර සිටියේ මෙසේ බහුතර විරෝධයක් එල්ල වන හෙයින් තමාට ශවේන්ද්‍ර සිල්වා මහතාට නොතීසි නිකුත් කළ නොහැකි බවත් ඒ පිළිබඳ එළඹෙන නඩු විභාගයේදී තීරණය කිරීමට පියවර ගන්නා බවටයි.

ඒ අනුව අදාළ නඩුව අප්‍රේල් 27වැනිදා දක්වා කල්තැබීමටදමහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

No comments:

Post a Comment