30 April 2017

ඝාතනයට ලක්වු දෙමළ මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ මන්දගාමියි



යුධ සමයේ ඝාතනයට ලක්වු උතුරු නැගෙනහිර පළාත් වල දෙමළ මාධ්‍යවේදීන්ගේ ඝාතනයන් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ ඉතා මන්දගාමි අයුරින් සිදුවීම කණගාටුවට කරුණක් බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා පවසනවා.

2005 වසරේ අප්‍රේල් 29 වැනිදා ඝාතනයට ලක්වු ජේෂ්ඨ මාධ්‍යවේදි ටි.ශිවකරන් මහතාගේ 12 වන ගුණ සැමරුම් උත්සවය කිලිනොච්චිය භාරති ස්ටාර් ශාලාවේදි ඊයේ (29) පැවැත්වු අවස්ථාවට එක්වෙමින් විග්නේශ්වරන් මහතා මේ බව කියා සිටියා.

විග්නේශ්වරන් මහතා කියා සිටියේ යුධ සමයේ ජනතාව වෙනුවෙන් පෙනී සිටි මාධ්‍යවේදීන් රැසක් ජිවිතක්ෂයට පත්වු අතර, ඝාතනයට ලක්වු දෙමළ මාධ්‍යවේදීන්ගේ ඝාතනයන් සම්බන්ධයෙන් පවතින අවධානය අඩු බවයි.

අදාළ ඝාතනයන් සිදුකළ පිරිස සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා දඩුවම් ලබාදිය යුතු බවයි විග්නේශ්වරන් මහතා සඳහන් කළේ.

විග්නේශ්වරන් මහතා එහිදි වැඩිදුරටත් ප්‍රකාශ කළේ ජාත්‍යන්තර සංවිධානයන්ගේ මැදිහත්වීම හරහා හෝ ඝාතනයට ලක්වු දෙමළ මාධ්‍යවේදීන්ගේ ඝාතකයින්ට දඩුවම් ලබාදිය යුතු ඔහු අවධාරණය කර සිටියා.

සැමරුම් වැඩසටහන වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් මහතා, උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් මහතා, උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන්, මාධ්‍ය සංගම් නියෝජිතයින්, කිලිනොච්චිය ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් සැමරුම් වැඩසටහනට එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment