30 April 2017

කකුල් දෙක දෙපැත්තේ තියන් ඉන්න ඇමතිවරු ගැන රාජිත මතක් කරයි



රජය හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අගාධයට පත් නොවන බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න පවසනවා.

ප්‍රිමියර් ඉන්ටර්නැෂනල් සමාගමේ ව්‍යාපාරික සමුළුව කොළඹ කිංග්ස්බරි හෝටලයේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) පැවැති අවස්ථාවේදී මාධ්‍යවේදීන් අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේ,

“ආණ්ඩුව අගාධයට යන්නෙත් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අගාධයට යන්නෙත් නැහැ. ඔන්න ඔය වගේ කට්ටිය අගාධයට යනවා. කකුල් දෙක දෙපැත්තෙ තියාගෙන මහින්ද රාජපක්ෂ ආවොත් එයා ගාවට යන්නයි… මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඉන්නවා නම් එයාගාව ඉන්නයි. රත්නපුරේට ගිහිල්ලා මහින්ද රාජපක්ෂ සමග මාස ගණනකින් යනවයි කියන… මෙහෙට ඇවිත් ඇමැතිකම් කරන… ඔන්න ඔය වගේ කට්ටියට නම් බොහෝම අමාරුයි. රාජපක්ෂ පවුලේ ලණු කාපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහර ඇමැතිවරුනුත් ගිනි අරගෙන තිබෙනවා.

ඇමැතිවරු වශයෙන් පිටකොන්දක් තිබෙන්න ඕන කැබිනට් මණ්ඩලයේ කථා කරපු දේවල් හරි කියන්න. දැන් ජනාධිපතිතුමා තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ගේනවා වගන්තියක්…. කැබිනට් එකේ වෙන සියළුම දේවල් මාධ්‍යට ලබාදෙන්න කියලා. ඒ නිසා මම ප්‍රකාශ කරන්නේ කැබිනට් ප්‍රකාශක විදිහට මේ සිදු වුන දේවල්. මම වගකීමෙන් තොරව කථා කරන්නේ නැහැ. ජනාධිපතිවරයාගෙත්, අගමැතිවරයාගෙත් අවබෝධය ඇතිවයි මම ප්‍රකාශ කරන්නේ.”

No comments:

Post a Comment