02 June 2017

සයිටම් තීන්දුවට එරෙහි පෙත්සම සලකා බැලීම 22

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් ( සයිටම්) උපාධිය ලබා පිටවන සිසුන්ට වෛද්‍ය වෘත්තිකයින් ලෙසට ලියාපදිංචි වීමට නීතිමය අයිතියක් ඇති බවට තීන්දු කරමින් දෙන ලද අභියාචනාධිකරණ තීන්දුව අභියෝගයට. ලක් කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ගොනු කළ අභියාචන පෙත්සම සලකා බැලීම මේ මස 22 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (1) තීන්දු කළේය.

මෙම පෙත්සම අගවිනිසුරු ප‍්‍රියසාත් ඩෙප් , ඊවා වනසුන්දර සහ ප‍්‍රියන්ත ජයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.

අදාළ අභියාචනාධිකරණ නඩු තීන්දුව බල රහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයිද මෙම අභියාචනය මඟින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඉල්ලා ඇත.

අභියාචනාධිකරණය නීතිය වැරදි ලෙස වටහා ගනිමින් සහ අර්ථ දක්වමින් මෙම නඩු තීන්දුව ප‍්‍රකාශ කර ඇති බවට තීන්දු කර ,අභියාචනාධිකරණය හමුවේ සයිටම් සිසුවිය විසින් ගොනු කළ රිට් පෙත්සමද නිෂ්ප‍්‍රභ කරන ලෙසද වෛද්‍ය සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ සිය අභියාචනයේ සඳහන් කර ඇත.

No comments:

Post a Comment