02 June 2017

Airtel Movie Box සමග ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සුපැහැදිලි සිංහල සිනමා සිත්තම් අත්විඳින්න

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට දිවයින පුරා විසිරී සිටින ස්මාර්ට් දුරකථන භාවිතා කරන්නන් වෙනුවෙන් Airtel Movie Box’ නමින් සිනමා ද්වාරයක් (Movie portal) හඳුන්වා දීමට එයාටෙල් ලංකා සමාගම කටයුතු කර තිබේ. මෙමගින් පාරිභෝගිකයන්ට ඉතාමත් පහසුවෙන් හා සුපැහැදිලි ලෙස ජනප‍්‍රිය සිංහල චිත‍්‍රපට නැරඹීමේ අවස්ථාව හිමිවනු ඇත.

මෑතකදී කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එයාටෙල් සන්නාම තානාපතිනිය වන ජනප‍්‍රිය නිළි පූජා උමාශංකර් විසින් මෙම සේවාව නිල වශයෙන් දියත් කරන ලදි.

ශ‍්‍රී ලංකාවේ විශාලතම සිංහල සිනමා එකතුවක් වන Airtel Movie Box’ (එයාටෙල් මූවි බොක්ස්) හි සිංහල චිත‍්‍රපට 500 කට අධික සංඛ්‍යාවක් උසස්ම ප‍්‍රමිතියෙන් යුතුව ඇතුළත් කර ඇති අතර දිවයින පුරා වෙසෙන එයාටෙල් ග‍්‍රාහකයන්ට එම චිත‍්‍රපට ඩිජිටල් ක‍්‍රමයට නැරඹිය හැකි වේ. සිංහල රිදී තිරයේ ස්වර්ණමය යුගයේ නොමැකෙන සටහන් තැබූ චිත‍්‍රපට මෙන්ම නූතන සිංහල චිත‍්‍රපට රැසක්ද මීට අයත් වන අතර පාරිභෝගිකයන් කැමති දිනයක, කැමති වෙලාවක තම ස්මාර්ට් දුරකථනය ඔස්සේ මේවා රසවිඳිය හැක.

තරුණ පරපුර වැඩිවැඩියෙන් එයාටෙල් ජාලය සමග එක්වෙමින් සිටින අවධියක ඔවුන්ට වඩාත් හොඳින් ගැළපෙන සේවාවන් පිරිනැමීමේ උත්සාහයේ එක් පියවරක් ලෙස ඉවෝක් ඉන්ටර්නැෂනල් (Evoke International) සමාගම සමග අත්වැල් බැඳගනිමින් මෙම සේවාව දියත් කිරීමට එයාටෙල් ලංකා සමාගම පියවර ගෙන තිබේ.

එමෙන්ම දේශීය කුසලතා දියුණු කිරීමට සෑම විටම උත්සාහ කරන එයාටෙල් සමාගම රටේ ජනතාවට සහ ප‍්‍රජාවට නිර්මාණශීලීත්වය ඔස්සේ ඉදිරි පියවර තැබීම සඳහා අත්වැලක් වෙමින් සිටී.

‘‘පාරිභෝගිකයන්ගේ විශ්වාසය හා ආදරය දිගටම පවත්වාගැනීමට නම් ඔවුන්ට විශිෂ්ට මට්ටමේ සේවාවන් සැලසීම අත්‍යවශ්‍යයි. එම නිසා පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවන් හා ජීවන රටාවන් හොඳින් හඳුනාගෙන, ඔවුන්ට ගැළපෙන සේවාවන් ලබාදීමට එයාටෙල් සමාගම සෑම විටම කටයුතු කරනවා. පාරිභෝගිකයන්ගේ ජීවන රටාවන් ඉතාමත් වේගයෙන් වෙනස් වෙමින් පවතින මෙවැනි යුගයක එම වෙනස්කම් නිවැරදිව ග‍්‍රහණය කරගෙන ඊට අනුගත වීම ඉතාමත් වැදගත්.

දුරකථන සේවා සමාගමක් ලෙස ජනතාව හා සමීපව සම්බන්ධ වෙමින් රටේ දියුණුවට උරදීම සඳහා අපට අවස්ථාව ලැබෙනවා. රටේ තාරුණ්‍යයේ යහපත වෙනුවෙන් දිගින් දිගටම අධ්‍යාපනයේ සිට විනෝදාස්වාදය දක්වා විවිධ අංශවල ආයෝජනය කරමින් නව සේවාවන් හඳුන්වා දීම අපගේ ඉලක්කයයි.” එයාටෙල් ලංකා සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී ජිනේෂ් හෙග්ඬේ මහතා පැවසී ය.

එමෙන්ම මෙහිදී අදහස් දැක්වූ ඉවෝක් ඉන්ටර්නැෂනල්හි ප‍්‍රධාන විධායක නිලධාරී ළහිරු වික‍්‍රමසිංහ මහතා පැවසුවේ ශ‍්‍රී ලාංකික පාරිභෝගිකයන්ට උසස්ම තලයේ සේවාවක් ලබාදෙමින් වෙළඳපොළ තුළ ඉදිරියට ඒම සඳහා දරන උත්සාහයේ එක් පියවරක් ලෙස එයාටෙල් සමාගම සමග අත්වැල් බැඳගෙනි. Airtel Movie Box’ සේවාව පාරිභෝගිකයන් වෙත තිළිණ කිරීමට තමන් පියවර ගත් බවයි.

දිනකට රු. 10 ක් වැනි සුළු මුදලකට එයාටෙල් ග‍්‍රාහකයන්ට මෙම Airtel Movie Box සේවාව ලබාගත හැක. අනවශ්‍ය මාසික ගාස්තු වලින් තොරව භාවිතා කරනු ලබන දිනට පමණක් ගාස්තු අයකිරීම සිදුවේ. Airtel Movie Box ්චචී භාවිතාකර චිත‍්‍රපට නරඹන දිනට අදාලව පමණක් ගාස්තු අයකෙරෙන අතර අනවශ්‍ය මාසික ගාස්තු නොමැත.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ පරීක්ෂණ වාර්තාවලට අනුව 40% ක් වැඩිපුර වේගවත් එයාටෙල් 3G සේවාව ඔස්සේ පාරිභෝගිකයන්ට කිසිදු බාධාවකින් තොරව චිත‍්‍රපට රස විඳීමේ අවස්ථාව හිමිවනු ඇත. ඇන්ඩ්‍රොයිඩ් දුරකථන භාවිතා කරන්නන්ට මෙම සේවාව ඇප් එකක් මගින් ලබාගත හැකි අතර සෙසු පාරිභෝගිකයන්ට www.videounlimited.lk වෙත පිවිසීම මගින් Airtel Movie Box’ සේවාව අත්විඳිය හැකි වේ. ගාස්තු ගෙවීම සිදුකළ යුත්තේ නරඹන ප‍්‍රමාණය අනුව නිසා මාසිකව ගාස්තු ගෙවීමකින් තොරව දෛනික ගාස්තු ක‍්‍රමයට ඕනෑම කෙනෙකුට මෙම සේවාව ලබාගත හැක.

‘වින්දන‘ App එක ඔස්සේ ලබාගත හැකි Airtel Movie Box’ සේවාව රටේ විනෝදාස්වාද ක්ෂේත‍්‍රයට නව වටිනාකම් එක්කරන සේවාවක් ලෙස හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම අලූත් චිත‍්‍රපට දැකගැනීමට සිනමාහල් වෙත යාම වෙනුවට තම දුරකථන මගින්ම ඒවා නැරඹිය හැකි නිසා පාරිභෝගිකයන් අතරත් මෙය බෙහෙවින් ජනප‍්‍රිය වේවි කියා මා සිතනවා. රටේ සිනමා ක්ෂේත‍්‍රයට යහපත සලසන මෙවැනි සේවාවක් හඳුන්වා දීම සම්බන්ධයෙන් මා එයාටෙල් ලංකා සමාගමට සහ ඉවෝක් ඉන්ටර්නැෂනල් සමාගමට මගේ ස්තූතිය පළකර සිටිනවා. රටේ සිනමා ක්ෂේත‍්‍රයේ වටිනා නිර්මාණ මෙසේ වැඩිවැඩියෙන් ජනතාව වෙත සමීප කිරීමට හැකි සේවාවන් නිර්මාණය වනු දැකීම මට විශාල සතුටක්.” සිනමා හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ හා රංගන ශිල්පී චන්න පෙරේරා මහතා පැවසී ය.

No comments:

Post a Comment