24 July 2017

මඟීන් 1000ක් දිනකට බස් ගමනින් ඉවතට

දිනකට 1000කට අධික මඟී පිරිසක් බස් ගමනාගමනයෙන් ඉවත්ව යන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

මේ තත්ත්වය නිසා මඟී බස් රථ කර්මාන්තය විශාල අර්බුදයකට ලක් ව ඇති බවද ගැමුණු විජේරත්න මහතා පවසයි. මඟී ප්‍රවාහන සේවා බස් රථ සඳහා 58%ක ඉල්ලුමක් පැවතුණු අතර මේ වන විට එම ඉල්ලුම 42%ක් දක්වා පහත වැටී ඇතැයිද ඒ මහතා පෙන්වා දෙයි.

මේ ප්‍රතිශතය 35%ක් දක්වා පහත වැටුණහොත් බස් රථ ධාවනයෙන් පාඩු සිදුවන හෙයින් බස් හිමියන් එම කර්මාන්තයෙන් ඉවත් වීමට ඉඩ තිබෙන බවද ඒ මහතා කීය.

රාජ්‍ය ප්‍රවාහන සේවාව දශක ගණනාවක් තිස්සේ පාඩු ලබමින් පවත්වාගෙන යන බව පෙන්වා දුන් ඒ මහතා මේ වන විට කොළඹ නගරයට බස්නාහිර ප්‍රධාන නගරවල සිට ධාවනය වූ වායු සමීකරණය කළ සුඛෝපභෝගී බස් රථ බොහොමයක් නැවතී ඇති බවද කීය.

විශේෂයෙන්ම කැස්බෑව, අවිස්සාවේල්ල, ගම්පහ, නිට්ටඹුව,

මොරටුව සිට කොළඹ දක්වා එක් බස් රථයක්වත් ධාවනය නොවන බවද කීය.

මේ ආකාරයට ඉදිරියේදී සාමාන්‍ය ප්‍රවාහන සේවා බස් රථ පවා නැවතීමට ඉඩ ඇති බවත් මේ වන විටත් කොළඹ නගරයේ ධාවනය වූ අංක 115 , අංක 173, අංක 198 වැන බස් රථ සේවාවන් නැවතී ඇතැයිද මේ අනතුර බොහෝ දෙනාගේ ඇසට නොවැටී ඇතැයිද ඔහු පැවසීය.

පසුගිය වසර දෙක තුළදී පමණක් මෙරටට යතුරු පැදි 711018ක් හා ත්‍රි රොද රථ 186488ක් පැමිණ ඇති බව මෝටර් රථ ප්‍රවාහන දොපර්තමේන්තු සංඛ්‍යා ලේඛන මෙන්ම මහ බැංකු වාර්තාද පෙන්වා දී ඇත. මොරටුව සිට කොළඹ දක්වා එක් බස් රථයක්වත් ධාවනය නොවන බවද කීය.

මේ ආකාරයට ඉදිරියේදී සාමාන්‍ය ප්‍රවාහන සේවා බස් රථ පවා නැවතීමට ඉඩ ඇති බවත් මේ වන විටත් කොළඹ නගරයේ ධාවනය වූ අංක 115 , අංක 173, අංක 198 වැන බස් රථ සේවාවන් නැවතී ඇතැයිද මේ අනතුර බොහෝ දෙනාගේ ඇසට නොවැටී ඇතැයිද ඔහු පැවසීය.

පසුගිය වසර දෙක තුළදී පමණක් මෙරටට යතුරු පැදි 711018ක් හා ත්‍රි රොද රථ 186488ක් පැමිණ ඇති බව මෝටර් රථ ප්‍රවාහන දොපර්තමේන්තු සංඛ්‍යා ලේඛන මෙන්ම මහ බැංකු වාර්තාද පෙන්වා දී ඇත.


No comments:

Post a Comment