24 July 2017

ලකුණු දමාගැනිල්ලක්

රටේ ලොකු මහත්තයට සෙත් පතන්න මහනුවර පැත්තෙ ලොකුම මන්දිරේක ලොකු දානමය පිංකමක් පැවැත්වුණා.... ඒකට ලොකු මහත්තය වගේම උන්නැහේගෙ පවුලේ අයත් සහභාගි වුණා.

මේ මහා පිංකම සංවිධානය කිරීම භාරවෙලා තිබුණෙ ඉර හඳ තාරකා ගැන හොඳට දන්න මධ්‍යම පළාතෙ උස්ස නිලයක් දරන නෝනා කෙනෙකුටලු. ඉතින් වැඩේ පටන් අරන් ජයට කරගෙන යනකොට මේක තමුන් කළා වගේ පෙන්නන්න ලෑස්තිවෙලා තවත් ලොක්කෙක් දෙන්නෙක් එතැනට ආවලු...

පසුගිය ඡන්දෙ කාලේ දැන් ඉන්න රටේ ලොකු මහත්තයට උදව් නොකළ අය මෙහෙම ඇවිල්ල මේකට ඔලුව දාන එක ගැන එතන හිටපු සමහර මැති ඇමැතින්ට මාරෙට කේන්ති ගියාලු...

රටේ ලොකු මහත්තයගෙ පිංකමේදි මේ කේන්තිය පිට කරන්න හොඳ නැති නිසා අපි මේකට හොඳ වැඩක් කරන්නම් කියල උන්නැහේල දෙතුන් දෙනෙක් පිටවෙලා ගියාලු... හෙට අනිද්ද මේ වැඩේ ප්‍රසිද්ධ තැනකදි පත්තු කරවන්න එයාලා සූදානමින්ලු ගියේ...

No comments:

Post a Comment