02 July 2017

නියමුවන් රහිත ටැක්සි සේවයක්

ඉදිරි වසර පහක කාලය ඇතුලතදී නියමුවන් රහිත කුඩා ප්‍රමාණයේ හෙලිකොප්ටර් භාවිතා කරමින් මගී ප්‍රවාහන සේවයක් ආරම්භ කරන බව ඩුබායි මාර්ග සහ ප්‍රවාහන අධිකාරියේ ඉහළ පෙළේ නිලධාරියකු ප්‍රකාශ කල බව ඇරේබියන් බිස්නස් වෙබ් අඩවිය වාර්තා කළේය.

වසර පහකින් එම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය කරන මුලික යෝග්‍යතා පරීක්ෂණ කටයුතුමෙම වසරේ (2017) අවසාන කාර්තුවේදි ආරම්භ කිරීම සඳහා කුඩා ප්‍රමාණයේ මඟි ගුවන්යානා නිෂ්පාදනය කරනු ලබන ජර්මන් සමාගමක් වන වෝලෝකොප්ටර් සමාගම සමඟ අවබෝධතා ගිවිසුමක් එමිරේට්ස් රජය අත්සන් කල බව වාර්තා වේ.

නියමුවන් රහිත හෙලිකොප්ටර් මගී ප්‍රවාහන සේවයක් හඳුන්වා දීම 2030 වර්ෂය වනවිටඩුබායි ප්‍රවාහන ක්ෂේත්‍රය 25%කින් ස්වයංක්‍රීයකරණය කිරීමේ වැඩසටහනේ එක් සමාරම්භක අවස්ථාවක් බව ඩුබායි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ඇරේබියන් බිස්නස් පුවත් ඇසුරෙනි)

No comments:

Post a Comment