03 April 2017

විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරීන් 100කට සාම විනිසුරු පදවි



ත්‍රිවිධ හමුදාවල තෝරා ගත් නිලධාරීන් ඇතුළු 100 දෙනෙකු සදහා සාම විනිසුරු පදවි පිරිනැමීම අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍යාංශයට කටයුතු කර තිබේ. අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වෙන් මෙම වැඩසටහන අනිද්දා (05දා) අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතය.

මෙය ගෞරවණිය තනතුරක් හුදෙක් සමාජ සේවා සඳහා පමණක් ලබා දෙයි. මහජනතාවගේ දිවුරුම් ප්‍රකාශ අත්සන් කිරිම ජනතාවගේ නීතිමය ලිය කියවිලි සහතික කිරිම, නීතිය හා සාමය ආරක්ෂා කර ගැනීම සදහා අදාළ අංශවලට සහාය දීම ,සමාජ විෂමතා වැළැක්වීම සදහා සහාය දැක්වීම ආදී කටයුතු සදහා සාම විනිසුරුවරුන් කටයුතු කරයි. සාමවිනිසුරුවන්ට සිය සේවය සඳහා ගාස්තු අය කිරීමක් සිදු කළ නොහැකිය.

No comments:

Post a Comment