03 April 2017

බලශක්ති ප්‍රතිපත්ති කෙටුම්පත ඉක්මනින් පාර්ලිමේන්තුවට



සකස්කර තිබෙන ශ්‍රී ලංකා ජාතික බලශක්ති ප්‍රතිපත්ති සහ උපාය මාර්ගික කෙටුම්පතට. මහජන අදහස් ලබාගෙන මාස දෙකක් තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේය.

මේ මස 30 වැනිදා දක්වා ජනතාවගෙන් මෙම කෙටුම්පතට ජනතා අදහස් ලබාගන්නා බවත්, මෙම කෙටුම්පත ප්‍රධාන කරුණු 10කින් සමන්විත බවද අද (03දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම පවසා සිටියේය.

අමාත්‍යාංශ ලේකම්, නො.72 , ආනන්ද කුමාරස්වාමී මාවත, කොළඹ 07 ලිපිනයට ජනතා අදහස් ලබාදිය හැකිය.

No comments:

Post a Comment