30 March 2017

අවුරුදු මාසයේ ආපනශාලා, හෝටල් සහ කඩ පරික්ෂා කරන්න : ඇමති රාජිත



සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය ඉලක්ක කර ගනිමින් වෙළඳසැල් / හෝටල් සහ ආපන ශාලා පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

අලුත් අවුරුදු සමයේ ජනතාවට ගුණාත්මක සහ පිරිසිදු ආහාර ලබාදීම මෙහි අරමුණයි.

මෙම වැඩපිළිවෙලේදී පිටකොටුව ප්‍රදේශයේ සහ වෙනත් ප්‍රදේශවල ඇති තොග ගබඩා පරීක්ෂා කිරීමට නියමිත අතර දුර ගමන් බස් නැවතුම්පොළ ආපන ශාලා ද පරීක්ෂා කිරීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම මැයි මස 2 වනදා සිට වෙසක් සහ පොසොන් උත්සව සමය වෙනුවෙන් ආහාර සුරක්ෂිතතා සතියක් ප්‍රකාශයට පත් කරන ලෙසට ද අමාත්‍යවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

මෙම ආහාර සුරක්ෂිතතා සතියේදී මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරණ ස්ථාන වසා දැමීමටයි තීරණය වී ඇත්තේ.

විශේෂයෙන් දුම්වැටි / අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ වැටලීම් අඛණ්ඩව සිදු කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබෙනවා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මෙහිදී කියාසිටියේ දිවයින පුරා දුම්වැටිවලින් තොර නගර 27 ක් ක්‍රියාත්මක කරන බවයි.

No comments:

Post a Comment