30 March 2017

හැරීගේ තාත්තා චාල්ස් නෙමෙයි : එංගලන්තය කැළඹෙයි



හොලිවුඩ් සුරූපී නිළි මෙගාන් මාක්ල් ගේ අත ගන්නට සැරසෙන්නේ බ්‍රිතාන්‍යයේ හැරී කුමරු බව දැන් රහසක් නොවෙයි. පසුගිය සතියේ හැරී කුමරු සහ මෙගාන්, ජැමෙයිකාවට පිටත්ව ගියා. ඒ, ඔවුන් දෙදෙනාගේ මිතුරකුගේ විවාහ මංගල උත්සවයකට සහභාගි වීමටයි.

මේ අතරතුර බ්‍රිතාන්‍ය පුවත්පත් කිහිපයක් හැරී කුමරු වෙත පමණක් දැඩි අවධානයක් යොමුකර තිබුණා. දශක කිහිපයක් තිස්සේ යටපත් වෙමින් නැවතත් මතුවෙමින් තිබෙන එක්තරා අසම්මත පුවතක් යළි සිහිපත් කරමිනුයි ඔවුන් මේ අවධානය එල්ල කළේ.

හැරීගේ සැබෑ පියා පිළිබඳ ප්‍රශ්නාර්ථයක් තමයි ඔවුන් මතු කළේ. කවුරුත් දන්නේ හැරීගේ පියා චාර්ල්ස් කුමරුන් බවයි. නමුත් චාර්ල්ස් සහ ඩයනා යුග දිවිය ගත කළ මුල් කාලයේදී අඬදබර හටගත් බවත්, එම කාලයේදී ඩයනා සහ හිටපු බ්‍රිතාන්‍ය නිලධාරියකු වන ජේම්ස් හෙවිට් අතර සබඳකමක් පැවතුණු බවත් මේ පුවත්පත්වලින් ප්‍රකාශ කෙරුණා.

මේ ගැන අදහස් දක්වන ජේම්ස් හෙවිට් පවසන්නේ මෙවැනි ආරංචි ගොතමින් පුවත්පත් උත්සාහ කරන්නේ තම පුවත්පත්වල අලෙවිය වැඩි කර ගැනීමට බවයි. මෙවැනි අසත්‍ය පුවත් නිසා වඩාත් පීඩාවට පත්වන්නේ අහිංසක හැරී බවත් ඔහු පවසනවා. මෙගාන් මාක්ල් නම් මේ ආරංචියට කිසිම ප්‍රතිචාරයක් දක්වා නැහැ.

No comments:

Post a Comment