30 March 2017

ආණ්ඩුව ජෝන් ද සිල්වා සමරු රඟහල විකුණන්න යන බවට කලාකරුවන්ගෙන් චෝදනා



ආණ්ඩුව ජෝන් ද සිල්වා සමරු රඟහල විකිණීමේ උත්සහායක නිරත වී සිටින බව සමාජවාදී කලා සංගමයේ කලාකරුවෝ පවසති.

ජෝන් ද සිල්වා සමරු රඟහලේ අලුත්වැඩියා කටයුතු සඳහා අවශ්‍ය රුපියල් මිලියන දහසක මුදලක් නැති බව පවසමින් මෙලෙස රඟහල විකිණීම සම්බන්ධයෙන් ආණ්ඩුව අවධානය යොමු කර ඇතැයි ද ඔවුහු චෝදනා කරති.

ජනාධිපතිධුරයට පත්වූ විගස ජෝන් ද සිල්වා සමරු රඟහලේ අලුත්වැඩියා කටයුතු ආරම්භ කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොරොන්දු වුවද මේ වනවිට ආණ්ඩුව රඟහල විකිණීමට සූදානම් වන කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ප්‍රවීණ රංගනශිල්පී දීපානි සිල්වා මහත්මිය කියයි.

නෙළුම් පොකුණ රඟහලේ නාට්‍ය දර්ශනය කිරීමේ වියදම නාට්‍යකරුවන්ට දැරිය නොහැකි බවත් වසර හතරක තිස්සේ එල්ෆින්ස්ටන් රඟහලා වසා දමා ඇති බවත් නාට්‍යවේදී ප්‍රේමරත්න තෙන්නකෝන් මහතා පවසයි.

මේ අතර ලුම්බිණි රංග ශාලාවේද අවශ්‍ය පහසුකම් නොමැති බව වාර්තා වේ.

No comments:

Post a Comment