30 March 2017

නිල් බලකායට මිලියන ගණනක් ගෙව්වේ කොහොමද – නාමල්ගෙන් ප්‍රශ්ණ කරයි



ජාතික තරුණ සේවා සභාවට රුපියල් මිලියන ගණනක මුදලක්‌ ගෙවූ ආකාරය පිළිබඳ කරුණු දැක්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා බරපතළ වංචා විමර්ශන සඳහා පත්කළ ජනාධිපති කොමිසම වෙත හෙට (31) කැඳවා ඇත.

නිල් බළකායේ තරුණ තරුණියන්ට සහ වෘත්තිකයන් පිරිසකට පුහුණුවීම් ලබාදීම සඳහා මෙම මුදල ගෙවා ඇති අතර, ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා ජනාධිපති කොමිසම හමුවට හෙට පෙරවරු 9.00 ට පැමිණෙන ලෙස නාමල් රාජපක්‍ෂ මහතාට දැනුම් දී ඇත.

2014 වසරේ නිල් බළකායට සම්බන්ධ වී සිටි තරුණ තරුණියන් සහ නීතිඥවරුන් ඇතුළු විවිධ වෘත්තිකයන් 1000 කට ආසන්න පිරිසකට ජාතික තරුණ සේවා සභාවේ විවිධ පුහුණුවීම් ලබා දී තිබේ.

ඒ සඳහා නිල් බළකාය විසින් රුපියල් මිලියන ගණනක මුදලක්‌ ජාතික තරුණ සේවා සභාවට ගෙවා ඇති අතර, එම මුදල් ගෙවූ ආකාරය හෙළි කර ගැනීමට නාමල් රාජපක්‍ෂ මහතාගෙන් සහ ඊට සම්බන්ධ තවත් පිරිසකගෙන් ප්‍රශ්න කරන බව ජනාධිපති කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියා සිටී.

No comments:

Post a Comment