24 April 2017

ඛනිජ තෙල් සේවකයින් වර්ජනයේ/ ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට දිගු රථවාහන පෝලිම්

චීන වරාය තෙල් ටැංකි 99 ක්‌ ඉන්දීය ඔයිල් සමාගමට (IOC) පවරා දීමට රජය ගෙන ඇති තීරණය වහා ඉවත් කරගන්නා ලෙසට බලකරමින් ඛනිජ තෙල් සංස්‌ථා ඒකාබද්ධ වෘත්තීය සමිති මේ වන විට වැඩ වර්ජනයක නිරතවනවා.



එම වෘත්තීය සමිති කැඳවුම්කරු ඩී. ඡේ. රාජකරුණා මහතා ප්‍රකාශ කළේ  අද  තම සාමාජිකයන් සේවයට වාර්තා කළත් තෙල් බෙදාහැරීමේ කිසිදු කටයුත්තක නිරත නොවන බවයි.

ඒ අනුව ඉන්ධන ඛෙදා හැරීම දැඩි අර්බුධයකට පත්වනු ඇති බවද ඒ මහතා සදහන් කළා.

ත්‍රීකුණාමලය වරායේ මෙම තෙල් ටැංකි 99 ප්‍රයෝජනයට ගතහැකි හොඳ මට්‌ටමේ පවතින බව ඉංජිනේරුවන් විසින් සිදුකළ නිරීක්‍ෂණයකදී තහවුරු කර තිඛෙනවා.

මේ වන විට රජය සතුව පවතින කොලොන්නාව සහ මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණවල ගබඩා කළ හැකි තෙල් ප්‍රමාණය මෙටි්‍රක්‌ ටොන් ලක්‍ෂ 04 ක්‌ වුවත් ත්‍රිකුණාමලය තෙල් ටැංකි තුළ තෙල් මෙටි්‍රක්‌ ටොන් ලක්‍ෂ 10 ක්‌ ගබඩා කිරීමේ හැකියාව පවතින බවයි රාජකරුණා මහතා පැවසුවේ.

මේ වන විට ත්‍රිකුණාමලය ටැංකි කිහිපයක්‌ ඉන්දියන් ඔයිල් සමාගමට ලබාදී ඇතත් ඒවා නිසියාකාරව ලබා දී නැහැ.

ඛණිජ තෙල් සංස්‌ථාව වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹීමට පෙර අමාත්‍යවරයා සමඟ පැවැති සාකච්ඡා අසාර්ථක වූ බවත් මෙයට ස්‌ථිර විසඳුමක්‌ ලබාගැනීමට නම් ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා සමඟ සාකච්ඡා කළ යුතුව ඇති බවත් ඔහු කියා සිටියා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සාකච්ජාවක් අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිඛෙනවා.
එහෙත් මේ වන විටත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඉන්ධන ලිරවුම්හල් ඉදිරිපිට දැඩි රථවාහන පෝලිම් දැකගත හැකියි.

No comments:

Post a Comment