24 April 2017

පළමු හා දෙවන ශ්‍රේණි සඳහාත් ඉංග්‍රීසි පෙළපොතක්



 පාසල්වල පළමු හා දෙවන ශ්‍රේණි සඳහාද ඉංග්‍රීසි භාෂා පෙළ පොතක් හඳුන්වාදීමට කටයුතු කරන බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය.

ඒ තුළින් පාසල් ළමුන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම පුළුල් කිරීම මෙහි ප්‍රධාන අරමුණ වන අතර, ඒ සඳහා අවධානය යොමුකරන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා ජාතික අධ්‍යාපන ආයතනයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉංග්‍රීසි හා විදේශ භාෂා අංශයේ අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙන බවද එම අමාත්‍යාංශය සඳහන් කර සිටියේය.

දැනට පාසල්වල ඉංග්‍රීසි භාෂා පෙළපොත් ලබාදීම 3 ශ්‍රේණියෙන් ඉහළ ශ්‍රේණි සඳහා පමණක් සිදුකෙරේ.

මීට අමතරව ඉංග්‍රීසි භාෂාව උගන්වන ගුරුවරුන්ගේ භාෂා ඉගැන්වීමේ ප්‍රවීණතාව සංවර්ධනය කිරීම සඳහා විශේෂ වැඩසටහන් සැලසුම් කරන ලෙසද අමාත්‍යවරයා තීරණය කර ඇති බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

No comments:

Post a Comment