24 April 2017

කොළඹ නගරයෙන් යාචකයන් ඉවත් කෙරේ



කොළඹ නගරය සංවර්ධනය කර නගා සිටුවීමේදි එහි වෙසෙන යාචකයන්, ගවයන් හා සුනඛයන් මාස 03ක් ඇතුළත ඉවත් කරන බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මහනුවරදි පැවසීය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ඊයේ (23දා) මහනුවරදි පැවැති මහනුවර ලෝක උරුම නගරය සංවර්ධනය පිළිබඳ මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහනේදිය.

“ගවයන් ඉවත් කිරීමේදී යම් නීති ප්‍රශ්නයක් පැන නැගුණා. එමනිසා ගවයන් ඉවත් කරගන්නා ලෙස දැන්වීම් මගින් ප්‍රදර්ශනය කළා. නිශ්චිත කාලයක් තුළ ගවයන් ඉවත් කර නොගන්නේනම් නීත්‍යනුකූල ලෙස ගවයන් අල්ලා ගව බිම්වලට මුදාහරිනවා”යනුවෙන් ඇමතිවරයා කියා සිටියේය.

මේ වනවිට කැස්බෑව ප්‍රදේශය පුරා ගවයන් ඉවත් කර අවසන් බවත්, ඉදිරි මාස තුන ඇතුළත කොළඹ නගරයේමහා මාර්ගවල වෙසෙන ගවයන් අල්ලා ඉවත් කරන බවත් අමාත්‍යවරයා එහිදී කීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, “කොළඹ ප්‍රදේශය පුරා යාචකයන් වර්ග දෙකක් ඉන්නවා.ඒ ස්ථිරසාරව නගරය තුළ බොහෝසේ දුක්ඛිතව ගෙවන යාචකයන් 600 ක් පමණ හා පිටතින් පැමිණ උදේ සිට සවස දක්වා සිටින යාචකයන්. මුල් යාචකයන් මෙන් පස් ගුණයක් ඔවුන් සිටිනවා. පූර්ණකාලීන යාචකයන් මේ වසර තුළ ඉවත් කිරීම සිදුකරනවා. එලෙසම අර්ධකාලීන රැකියාවක් ලෙස කොළඹ සිටින යාචකයන් පුනරුත්ථාපනය කිරීමට කටයුතු කරනවා.

සුනඛයන් සම්බන්ධ ගැටලුව විශාල ගැටලුවක්. කොළඹ නගරය හා අවට ප්‍රදේශය තුළ සුනඛයන් 16,000 ක් පමණ ඉන්නවා.සුනඛයන් වෙනුවෙන් පෙනීසිටින සංවිධානවලින් ඉල්ලා සිටින්නෙ, මේ සුනඛ ගැටලුව පාලනය කිරීමට මේ වනවිට කාලය උදාවෙලයි තියෙන්නේ. ඒ සදහා ඒ අදාළ අංශ යොමු විය යුතුයි” යනුවෙන්ද කියා සිටියේය.

1 comment:

  1. සුනඛයන් පාලනය කරන්ඩ නං කාලය ඇවිත් තමා

    කකුල් හතරේ උන්ව පාලනය කරන්ඩ ඕන කියලා සුනඛ සංවිදාන වලට අවධාරණය කරන්න ඕන

    කකුල් දෙකේ සුනඛයෝ පාලනය කරන්ඩ ඕන කියලා රටේ ජනතාවට අවධාරනය කරන්ඩ ඕන

    හාද

    ReplyDelete