15 May 2017

යුද සමයේ අතුරුදන් වූවන් සම්බන්ධයෙන් ජනාධිපතිට ලිපි 7400ක්

යුද සමයේ අතුරුදන් වූවන්සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපි 7400ක් යොමු කර ඇතත් ඉන් එකම ලිපියකට හෝ මෙතෙක් කිසිදු පිළිතුරක් ලැබී නොමැති බව දෙමළ ජාතික සන්ධාන වන්නි දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන් මහතා පවසයි.

අතුරුදන් වූවන් සොයා දෙන්නැයි බලකරමින් අතුරුදන් වූවන්ගේ ඥාතීන් විසින් වව්නියාවේ සිදුකරගෙන යන අඛණ්ඩ විරෝධතාවට එක්වෙමින් ආනන්දන් මහතා මේ අදහස් පලකර සිටියේය.

“වව්නියාව දිස්ත්‍රීක්කයේ අතුරුදන් වූවන්ගේ ඥාතීන් දින 80කටත් අධික කාලයක් විරෝධතාවේ නිරත වෙනවා“ “දෙමළ ජනතාවගේ පිහිටෙන් බලයට පැමිණි මේ ජාතික ආණ්ඩුව අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් නිසි පිළිතුරක් දෙන්නේ නැහැ. එය ඉතා කණගාටුදායක වගේම රිදුම්දෙන කරුණක්. අතුරුදන් වූවන් සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු කරන්නැයි බලකරලා 7400ක පිරිසක් වෙන් වෙන් වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපි බාර දී තිබෙනවා. තොරතුරු දැන ගැනීමේ පනත පාර්ලිමේන්තුවට ගෙන සම්මත කරගත් පසුවත් ඒ සම්බන්ධයෙන් කිසිදු පිළිතුරක් ලබා දෙන්නේ නැහැ. අතුරුදන් වූවන් ජීවතුන් අතරද නැතිද යන ප්‍රශ්නයට රජය පිළිතුරු දෙන්න ඕනෑ“ යැයි ආනන්දන් මහතා කීවේය.

No comments:

Post a Comment