15 May 2017

අතුරුදහන්වූවන්ගේ ඥාතීන් 80 වන දිනටත් උපවාසයේ

අතුරුදහන්වූවන්ගේ ඥාතීන් ඊයේ (14) 80 වැනි දිනටත් වවුනියාව තැපැල් කාර්යාලය ඉඳීරිපිට උපවාසයට එක්ව සිටියා.

අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසූවේ අතුරුදහන්වූවන් සොයාදෙන ලෙසට පසුගිය සමයේ තමන් මාරාන්තික උපවාසයක් ආරම්භ කළ අතර, එහිදි උපවාසය දින හතරක කාලයක් පැවැත්වු අවස්ථාවේදි රජය ලබාදුන් පොරොන්දුවක් මත උපවාසය අත්හළ බවයි.

එහිදි රජය විසින් තමන් අරලියගහ මන්දිරය වෙත කැඳවා රැස්වීමක් පවත්වා අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් නිශ්චිත පිළිතුරක් සතිදෙකක කාලයක් තුළ ලබාදෙන බවට පෙබරවාරි මස 09 වැනිදා පැවසුවද, අදාළ පොරොන්දුව මෙතෙක් ඉටු නොවු බැවින් තමන් නැවතත් උපවාසයක් ආරම්භ කළ බවයි.

ජනාධිපතිවරයා, අගමැතිවරයා හෝ විපක්ෂනායකවරයා පැමිණ නිසි විසදුමක් ලබාදෙන තෙක් තමන් මෙවර උපවාසය පවත්වන බවත්, එලෙස නොවුණහොත් තමන් මියයන තෙක් උපවාසය පවත්වන බවයි උපවාසකරුවන් පවසනවා.

අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පිරිසක් උපවාසය වෙනුවෙන් සහභාගි වී සිටියා.

No comments:

Post a Comment