03 June 2017

තව අවුරුදු 50කින් යාපනය කාන්තාරයක් වන බවට ඇමති පාඨලිගෙන් අනාවැකියක්

නිසි පරිසර අධ්‍යයනයකින් තොරව සිදුකර ඇති සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් ගංවතුර වැනි ආපදා තත්ත්වයන් මතු වී ඇති බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ සිය අමාත්‍යාංශයේ (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ගෝලීය උණුසුම ඉහළ යාම හේතුවෙන් තවත් වසර 50 කින් යාපනය අර්ධ කාන්තාර ප්‍රදේශයක් බවට පත්විය හැකි බවයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ.

ගෝලීය උණුසුම අනතුරුදායක තත්වයට පත් වී ඇති බව පවසන ඔහු ගං වතුරට මුහුණ දීම සඳහා විධිමත් ආරක්‍ෂණ මධ්‍යස්ථාන ඇති කරන බව ද කියා සිටියා.

අමාත්‍යවරයා පවසන්නේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වී ඇත්තේ නිසි පරිසර අධ්‍යනයකින් තොරව බවයි.

No comments:

Post a Comment