03 June 2017

පාහියන්ගල ලෙනේ තත්වය පිළිබඳ ඇමති වාර්තාවක් කැඳවයි

බුලත්සිංහල, පාහියන්ගල ලෙන ඇතුලත් පුරාවිද්‍යා භූමිය නායයෑමේ අවදානමට ලක්ව තිබීම සම්බන්ධයෙන් වාර්තාවක් කැදවා ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

පාහියන්ගල ලෙන මෙරට පිහිටි විශාලම ගල්ලෙන වන අතර, වසර 58,000කට පෙර නූතන මානවයා මෙහි ජීවත්වී ඇති බවට සිදුකළ කැණීම්වලින් අනාවරණ වී තිබෙනවා.

පසුගිය දිනවල පැවැති අයහපත් කාලගුණ තත්ත්වයෙන් පසු මෙම ගල් ලෙන ද නාය යාමේ තර්ජනයට මුහුණ දී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළා.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් වහා අවධානය යොමු කරන ලෙස තමන් අදාළ නිලධාරින්ට දැනුම් දුන් බවයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කියා සිටියේ.

මේ අතර පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රොටුඹ ඉඳිගල් කන්ද නාය යෑමේ අවධානමක් නොමැති බවත් එහි දෙන්කන්දලිය කොටස නාය යෑමේ අවධානමක් ඇති බව භූ විද්‍යා හා පරේෂණ ආයතනය පවසනවා.

මෙම අවධානම හෙතුවෙන් එහි පදිංචි පවුල් 68කට එහි රැදි සිටීමට ඉඩ ලබා දී තිබෙනවා. එම ස්ථානයේ වර්ෂා මාපක 2ක් ස්ථාපිත කර ඇති අතර මිලිමීටර් 75කත වඩා වර්ෂාවක් පැවතියහොත් එයින් පදිංචි පවුල් ඉවත්විය යුතු බව භූ විද්‍යා පර්යේෂණ ආයතනය පවසන්නේ.

මිට අමතර එම ප්‍රදේශයේ නව ඉදිකිරීම් කැලෑ එළිපෙහෙළි කිරීමද තහනම් කර තිබෙනවා. පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කෞශල්‍යා කුමාරි මහත්මිය පෙන්වා දෙන්නේ එම ප්‍රද්ශයේ පසුගිය දින වල මිලිමීටර් 500කට වඩා වර්ෂාවක් පතිත වූ බවයි.

No comments:

Post a Comment