03 June 2017

ජාතික රූපවාහිනියේ හිටපු සභාපතිවරුන් දෙදෙනකුට නොතීසි

රජයට රුපියල් 34,54279ක අලාභයක් සිදුකිරීම ඇතුළු චෝදනා 05ක් යටතේ රූපවාහිනී සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරුන් දෙදෙනකුට එරෙහිව අල්ලස් කොමිසම අද (02) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

2014 දෙසැම්බර් 16 වැනිදා සිට 2015 ජනවාරි 15 දක්වා කාලයේ දී ජාතික රූපවාහිනියේ වැඩසටහන් චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ මැදපෙරදිග හා යුරෝපා රටවලට ප්‍රචාරය සඳහා චන්ද්‍රිකා තාක්ෂණික නියෝජිත ආයතනයකට ටෙන්ඩර් කැඳවීමකින් තොරව හෝ ගිවිසුමකින් තොරව ලබාදීමෙන් එසේ පාඩු කළැයි හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන චන්ද්‍රපාල ලියනගේ හා විමලසේන රූපසිංහ යන අයට එරෙහිව එසේ නඩු පවරා ඇත.

ඒ අනුව ඔවුනට ජූලි 07 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝග කර තිබේ.

No comments:

Post a Comment