08 June 2017

සුසන්තිකාට හමුදාවෙනුත් රු 60000ක් දීලා

ඔලිම්පික් රිදී පදක්කම්ලාභී කෙටිදුර ධාවන ශූරි සුසන්තිකා ජයසිංහ මහත්මියට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් රුපියල් 60000ක් හා ඉන්ධ දීමනාව වශයෙන් රුපියල් 15000ක් ලබාදීමට අමතරව යුද හමුදාව මගින්ද මාසිකව රුපියල් 60000ක දීමනාවක් ලබා දී ඇති බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා (07දා) පාර්ලිමේන්තුවේදී අණාවරණය කළේය.

ක්‍රීඩා අමාත්‍යාංශය පිළිබඳව පාර්ලිමේන්තුවේදී ඇතිවූ විවාදයකදී ඔහු මේ බව සඳහන් කළේය. සුසන්තිකා ජයසිංහ මහත්මියගේ ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා හමුවීමට පැමිණෙන ලෙස ලිපියකින් දැනුම් දී ඇති බවත් ඔහු පැවැසීය.

එසේම සුසන්තිකා ජයසිංහට පමණකි නොව, ශ්‍රී ලංකාව වෙනුවෙන් මලල ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ දක්ෂතා දැක්වූ ශ්‍රියාණි කුලවංශ, දමයන්ති දර්ශා, සුගත් තිලකරත්න වැනි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටද මාසිකව දීමනාවක් ලැබෙන ආකාරයේ වැඩසටහනක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරිමට බලාපොරොත්තුවන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

No comments:

Post a Comment