
1878 අවුරුද්දේ ඒ වගේ එක වැටුප් දිනයකදී ජෝර්ඡ් පැරොට් තීරණය කළා තමන්ගේ වාසනාව අත්හදා බලන්න.. මිනිසුන්ගේ වැටුප් මුදල් ගෙනියන යූනියන් පැසිෆික් දුම්රිය කොල්ලකන්න.. ඒ ගොල්ලෝ ඒකට තෝරගත්තේ ව්යෝමින්ග්වල මෙඩිසින් බෝ කියන ගංගාව අසබඩ තැනක්.. මෙතන හරි පාළු තැනක්.. ඒ හරියෙන් රේල් පාරේ කූඤ්ඤයක් බුරුල් කරලා ජෝර්- පැරට් එයාගේ කණ්‌ඩායමත් එක්‌ක කෝච්චිය ඒ හරියට එනකල් බලාගෙන හිටියා.. ඒත් එක පරීක්‍ෂාකාරී දුම්රිය මාර්ග සේවකයෙක් මේ බුරුල් වුණු රේල් පීල්ල දැක්‌කා. එයා ඒ රේල් පීල්ල කෝච්චිය එන්න කලින් ඉක්‌මනින් පිළිසකර කළා.. බිග් නෝස් ජෝර්ඡ් ගේ මංකොල්ල කෑම් තැත එළිදරව් වුණා..
ඒ කොල්ලකෑම අසාර්ථක වුණ හින්දා බිග්නෝස් ජෝර්ඡ් එයාගේ කල්ලියත් එක්‌ක එතනින් එල්ක් කඳු යාය පාමුල තියෙන රැට්‌ල්ස්‌නේක් කැන්යොන්වලට පැනල ගියා. මේ මංපහරන්නො කණ්‌ඩායම පිටිපස්‌සෙන් තවත් දෙන්නෙක් ආවා.. ව්යෝමින්ග් වල නියෝජ්‍ය ෂෙරිෆ් ඒ කියන්නෙ නියෝජ්‍ය පළාත් භාර නිලධාරියා රොබට් විඩෝෆීල්ඩ්.. අනිත් කෙනා යූනියන් පැසෆික් පොලිසියේ රහස් පරීක්‌ෂක ටිප් වින්සන්ට්..

මේ නිලධාරීන් දෙන්නාගේ මරණය ලොකු ආන්දෝළනයක් වුණා.. යුනියන් පැසිෆික් පොලිසියෙන් ව්ග්නෝස් ජෝර්ගේ හිස ගෙනවිත් දෙන කෙනකුට ඇමරිකන් ඩොලර් දහ දාහක තෑග්ගක් දෙනවා කියලා නිවේදනයක් නිකුත් කළා.. තවත් ටික කාලයක් යනකොට ව්ග්නෝස් ජෝර්ඡ් ගේ හිසේ වටිනාකම ඩොලර් විසිදාහට ඉහළ ගියා.
ඒත් අවුරුදු දෙකක් යනතුරුම බිග් නෝස් ජෝරඡ්වවත් එයාගේ කල්ලියවත් අල්ලගන්න පුළුවන් වුණේ නෑ. මොන්ටානාවල අවන්හලකදී බිග් නෝස් ජෝරඡ් බීමතින් තමන් කරපු මිනීමැරුම් ගැන පුරසාරම් දොඩවන කල්ම ව්ග්නෝස් ජෝර්ඡ් ව අත් අඩංගුවට ගන්නවත් හොයා ගන්නවත් පුළුවන් වුණේ නෑ. ඒ පුරසාරම් දෙඩවිල්ලෙන් පස්‌සේ බිග් නෝස් ජෝර්ඡ් ව අත්අඩංගුවට ගැනුණා. ජෝර්ඡ් ට විරුද්ධව නඩු පවරලා ඒ නඩුවේ තීන්දුවෙන් ජෝර්ඡ් ව එල්ලා මරන්න තීන්දු වුණා..
බිග්නෝස් ජෝර්ඡ් ව එල්ලා මරන්න තීන්දු වෙලා තිබුණේ 1881 මාර්තු 22 වැනිදට. ඒත් ඊට දවස් දහයකට කළින් බිග් නෝස් ජෝර්ඡ් හිරෙන් පැනල යන්න උත්සාහ කළා. කකුල්වලට දාලා තිබුණ බර යකඩ මාංචු සාක්‌කු පිහියකින් බුරුල් කරගෙන, බිග් නෝස් ජෝර්- තමන්ගේ ආරක්‌ෂාවට තියලා තිබුණ බන්ධනාගාර නිලධාරියාගේ ඔලුවට පහර දුන්නා. ඒ බන්ධනාගාර නිලධාරියා ඡේලර් රොබට් රැන්කින්.. හිස් කබල පුපුරලා තුවාල වෙලා තියෙද්දීම බිග් නෝස් ජෝර්ඡ් එක්‌ක පොර බදමින් කෑ ගැහුවා. ඒ වෙලාවේ එතනට දුවගෙන ආවේ බන්ධනාගාර නිලධාරියාගේ බිරිඳ රෝස්.. රෝස් මේ දෙන්නගේ පොරබැදීම මැදින් බන්ධනාගාර නිලධාරියගේ පිස්‌තෝලය අරන් බිග්නෝස් ජෝරඡ්ට එල්ල කළා. ඒ සැණින් එතනට ආපු තවත් අයගේ උදව් ඇතිව බිග්නෝස් ජෝර්ඡ්ව ආපහු හිර කුටියට ගෙනියන්න පුළුවන් වුණා..
බිග් නෝස් ජෝර්ඡ් බන්ධනාගාර නිලධාරියාට පහර දීලා හිරෙන් පැන යන්න හදපු කතාව හැම තැනම පැතිරුණා.. හොඳටම කිපුණු ඒ නගරයේ මිනිස්‌සු බිග්නෝස් ජෝර්ඡ්ව හොයාගෙන බන්ධනාගාරයට කඩා වැදුනා. බලහත්කාරයෙන්ම බිග්නෝස් ජෝර්ඡ්ව තමන් අතට ගත්තු මිනිස්‌සු නගරයේ ටෙලිග්‍රාප් කණුවක ජෝර්ඡ්ව එල්ලුවා.
ජෝර්ඡ්ගේ මළසිරුර භාරගන්න නෑදෑයෝ කවුරුවත් හිටියේ නෑ. ඒ නිසා තෝමස් මැගී, ජෝන් එවුජින් කියන වෛද්‍යවරු දෙන්නා බිග්නෝස් ජෝර්-ගේ මළසිරුර භාරගත්තා. ඒ දෙන්නා මළසිරුර භාර ගත්තේ මේ දරුණු අපරාධකාරයාගේ මොළයේ ස්‌වභාවය ගැන පරීක්‌ෂණයක් කරන්නයි.
මේ වෛද්‍යවරු දෙන්නා බිග්නෝස් ජෝර්-ගේ හිස්‌කබලේ ඉහළ කොටස ඉවත් කරලා මොළේ අරන් පර්යේෂණ කළා.. ඒත් බිග් නෝස්‌ගේ මොළයේ ස්‌වභාවය සාමාන්‍ය මිනිසෙකුගේ මොළයේ ස්‌වභාවයට වඩා වෙනසක් නෑ කියලා ඔවුන්ට තහවුරු වුණා.

බිග්නෝස් ජෝරඡ්ගේ සිරුරේ ඉතිරි කොටස් ටික විශේෂ ලුණු ද්‍රdවණයක් මිශ්‍ර කරපු විස්‌කි බැරල් එකක දාලා සංරක්‌ෂණය කළා.. ඒ සිරුරේ කොටස් වරින් වර අරගෙන වෛද්‍ය ඔස්‌බර්න් දිගටම එක එක පර්යේෂණවලට යොදා ගත්තා.
පස්‌සෙ කාලෙක මේ සිරුරු කොටස් එක්‌කම මේ විස්‌කි බැරල් එක වෛද්‍ය තෝමස් මැගීගේ කාර්යාලය පිටුපසවල දැම්මා.
කාලය ගෙවිල ගියා. වෛද්‍ය ඔස්‌බර්න් දේශපාලනයට ආවා. ව්යෝමින්ග්වල පළමුවැනි ප්‍රජාතාන්ත්‍රික ආණ්‌ඩුකාරයා බවටත් පත් වුණා.. පස්‌සෙ කාලෙක ජනාධිපති විල්සන් යටතේ ඇමරිකා එක්‌සත් ජනපදයේ නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයා බවටත් පත් වුණා.
1893 දී ආණ්‌ඩුකාරයා විදිහට වැඩ භාරගත්තු වෛද්‍ය ඔස්‌බර්න් පවත්වපු පළමුවැනි සාදයේදී එයාගේ මේ අරුම පුදුම මිනී හම් සපත්තු දෙක පැළඳගෙන හිටි බවයි කියවෙන්නේ..
බිග්නෝස් ජෝර්-ගේ හිස් කබලේ මතුපිටින් ඉවත් කරපු කොටස පර්යේෂණය ඉවර වෙලා වෛද්‍ය ඔස්‌බර්න්ගේ 15 හැවිරිදි සහායිකාව ලිලියන් හීත්ට දුන්නා.. පස්‌සෙ කාලෙක ව්යෝමින්ග් ප්‍රාන්තයේ පළමුවැනි කාන්තා වෛද්‍යවරිය වුණේ ඇය තමයි.. ඊට පස්‌සේ වෛද්‍ය ලිලියන් ගාව තිබුණ හිස්‌කබල් කොටස අලු බඳුනක් විදිහට පාවිච්චි- කළා.. ඊටත් පස්‌සෙ ඒක දොරට අඩ තියන ලී කැබැල්ලක් වගේ පාවිච්චි කළා කියලා කියවෙනවා.
ඊට පස්‌සෙ 1950 විතර වෙනකල් බිග්නෝස් ජෝර්- ගැන කතන්දර කාලයත් එක්‌ක මිනිස්‌සුන්ට අමතක වෙලාම ගියා.. ඒත් 1950 අවුරුද්දේ දවසක අලුත් ගොඩනැඟිල්ලක් හදන්න බිම් කැණීම් කරමින් හිටපු ගොඩනැඟිලි කම්කරුවන් පිරිසකට පොලව යට තිබුණු විස්‌කි බැරල් එකක් හම්බ වුණා.. ඒ විස්‌කි බැරල් එක ඇතුලේ උඩ කොටස ඉවත් කරපු හිස් කබලකුත්, මිනී ඇටකටු වගයකුත්, එළවලු මිශ්‍රණයක් අඩංගු බෝතලයකුත්, හම් සපත්තු දෙකකුත් තිබුණා.
මේ හිස්‌කබල, සපත්තු.. මේවා කාට අයිති ඒවද කියලා ඒ පළාතේ අය නම් හොඳින් දැනගෙන හිටියා. ඒ වෙනකොටත් වෛද්‍ය ලිලියන් හීත් ජීවතුන් අතර හිටියා. එතකොට වෛද්‍ය ලිලියන් හීත්ට වයස අවුරුදු අසූවත් පහු වෙලානේ.. සිදුවීම මතක අය වෛද්‍ය ලිලියන් හීත්ට පණිවිඩය යෑව්වා. එතනට ආපු වෛද්‍ය ලිලියම් හීත් හිස්‌කබලත් සපත්තුත් අඳුන ගත්තා. ඒත් ඉතින් හරියටම තහවුරු කරගන්න ඕනනේ.. ඒ නිසා ඩී. එන්. ඒ. පරීක්‌ෂණයක් මඟින් මේ හිස්‌කබලේත් සපත්තු දෙකේත් කතාව තහවුරු කරගත්තා.
අද වෙනකොට මිනිස් හමින් හදපු ඒ සපත්තු දෙකත්, බිග්නෝස් ජෝර්-ගේ හිස් කබලේ පහත කොටසත් ව්යෝමින් හි රෝලින්ස්‌වල කාබන් ජනපද කෞතුකාගාරයේ තැන්පත් කරලා තියනවා. හිස්‌කබලේ ඉහළ කොටස නෙබ්‍රස්‌කාවල ඔමහා යූනියන් පැසෆික් කෞතුකාගාරයේ තැන්පත් කරලා තියනවා. ඒත් ව්ග්නෝස් ජෝර්-ගේ හමින් හදපු හම් බෑග් එකනම් අදටත් හමු වෙලා නෑ.
| නිම්මි මුදිතා හේරත්
No comments:
Post a Comment