16 April 2017

2019දී මිරිදිය මතස්‍ය නිෂ්පාදනය දෙගුණයකින් ඉහළට



මිරිදිය මත්ස්‍ය කර්මාන්තය දියුණු කිරීම යටතේ දැනට රට තුළ නිෂ්පාදනය වන මිරිදිය මත්ස්‍ය ප්‍රමාණය 2019 වසර වනවිට දෙගුණයකින් ඉහළ දැමීමට සැලසුම් කර තිබේ.

මේ අනුව දැනට වාර්ෂිකව රටට හිමිවන මිරිදිය මත්ස්‍ය මෙට්‍රික් ටොන් 75,000ක පමාණය 2019 වසරවනවිට මෙට්‍රික්ටොන් 150,000 දක්වා ඉහළ දැමීමට ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය සැලසුම් සකස් කර තිබේ.
මිරිදිය මත්ස්‍ය නිෂ්පාදන ප්‍රමාණය දෙගුණයකින් ඉහළ දැමීමේ සැලසුම අනුව අභිජනන මධස්ථානවල වාර්ෂික මත්ස්‍ය පැටවුන් නිෂ්පාදනය ඉහළ දැමීමටත් සැලසුම් කර තිබේ.

මේ අනුව දැනට මිලියන 20ක් ලෙස පවතින වාර්ෂික මත්ස්‍ය පැටවුන් නිෂ්පාදනය කිරීම 100% කින් ඉහළ දැමීමටත් සැලසුම් කර ඇත.

මෙම සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා ලබන වසරට ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයට රුපියල් මිලියන 5,000ක් වෙන් කරගැනීමට සැලසුම් කර තිබෙන අතර, මේ වසර තුළ වෙන්කළ රුපියල් මිලියන 2800ක ප්‍රමාණය මේ අනුව ලබන වසර තුළදී දෙගුණයකින් ඉහළ යනු ඇත.

No comments:

Post a Comment