16 April 2017

ශ්‍රී ලාංකික සොල්දාදුවන් සියයක් හයිටියේ දරුවන් ලිංගිකව අපයෝජනය කළ බවට සාක්ෂි


ජායාරූපය: හයිටියේ ශ්‍රී ලාංකික සාම භටයින්ට පදක්කම් පැළදවීමේ උත්සවයක්  UN Photo/Logan Abassi.

හයිටි රාජ්‍යයේ එක්සක් ජාතීන්ගේ සාම දූත මෙහෙවරෙහි යොදවා සිටි ශ්‍රී ලාංකික සොල්දුවන් සියයකට වැඩි පිරිසක් එරට අසරණ බවට පත් අඩු වයස් ළමුන් සමඟ විවිධාකාර ලිංගික සංසර්ගයන්හි යෙදී ඇති බව එජා සංවිධානයේ වාර්තාවක් හෙළි කරයි. මේ බව හෙළිවන්නේ ඇසෝසියේටඩ් පුවත් සේවය විසින් ලබා ගන්නා ලද එක්සත් ජාතීන්ගේ අභ්‍යන්තර වාර්තාවකිනි.

2004 සහ 2017 අතරතුර එරට රඳවා සිටි 600ක් වූ ශ්‍රී ලාංකික සොල්දාදුවන් අතරින් 134 දෙනෙකු බාල වයස්කාර දරැවන් 09 දෙනෙකෙු යොදා ගනිමින් මෙම ලිංගික සේවන ජාවාරම පවත්වා ගෙන ගොස් තිබේ.

මෙසේ අපයෝජනයට ලක්කරන ලද අංක එක යයි කම් කර ඇති දැරියට ඒ වන විට වසය අවුරුදු දොලසකි. එවිට ඇයගේ පියවුරුවත් වැඩී තිබී නැත.

අංක 09 දරන පිරිමි දරුවා අපයෝජනය කිරීම ඇරඹී ඇත්තේ ඔහුට වසය 15දී ය. ඔහු කියා ඇත්තේ ඔහු සියයක් පමණ ශ්‍රී ලංකික සොල්දාදුවන් සමඟ ලිංගික හැසිරුණූ බවයි. ඒ අනුව දිනකට සාමාන්‍යයෙන් හතර දෙනෙකු බැගිනි.

මෙවැනි වින්දිතයනට සාධාරණය ඉටුවන්නේ කළාතුරකිනි. ඇසෝසියේටඩ් පුවත් සේවය විසින් කරන ලද ගවේශණයෙහි ප්‍රතිපළ පෙන්වන්නේ පසුගිය වසර 12 තුළ එජා සාම හමුදා සහ එජා නිලධාරීන් විසින් කරන ලද මෙවැනි අපයෝජන 2000ක් පිළිබඳව චෝදනා එල්ල වී ඇති බවයි. එයින් 300ක් දරුවන් අපයෝජනාය කිරීම් ය. එසේ නමුත් සිරගත කරන ලද  අපයෝජකයින් අල්ප ය.

හයිටියේදී ශ්‍රී ලාංකික සොල්දාදුවන් විසින් අපයෝජනය කරන ලද  මාපියන් නොමැති මෙකී දරැවන් ජීවත්ව සිට ඇත්තේ  කඩා වැටුණු ගොඩනැඟිල්ලක ය.

එම දරුවන්ගෙන් සමහරකුට ලිංගිකත්වයට අදාළ සිංහල වචන කතා කිරීමට හැකියාවක් තිබූ අතර පරීක්ෂණය අතර තුර එම දරුවන් සිංහල බසින් වචන හුවමාරු කරගත් බවද වාර්තාවෙහි සඳහන් වෙයි.

ප්‍රථම වරට මෙම දූෂිත අපයෝජන ජාවාරම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉව වැටී ඇත්තේ 2007 දී ශ්‍රී ලාංකික සොල්දාදුවන් සහ හයිටි දරුවන් අතර අසාමාන්‍ය ගනුදෙනුවක් ඇති බව පෙනී යාම මගිනි.

වීඕ 2 නමින් හදුන්වා ඇති දරුවා එජා පරීක්ෂකයින්ට කියා ඇත්තේ වසය 16දී  තමා අඩුම වශයෙන් තෙවරක් ශ්‍රී ලාංකික යුද හමුදා අණදෙන්නකු සමඟ ලිංගික සංසර්ගයේ යෙදුනු බවයි. ඔහු තරබාරු උඩු රැවුලක් තිබූ රන් මුද්දක් පැළදී අයකු බව ඇය පවසා තිබේ. වීඕ 2 නමින් හදුන්වා ඇති දරුවා ශ්‍රී ලංකික සොල්දාදුවන් 11 දෙනෙකු ජායරූප මගින් හදුනා ගෙන තිබේ. ඉන් එක් අයකු කිහිල්ල සහ පපුව අතර උණ්ඩයකින් සිදුවූ දරුණූ තුවාලයක් තිබූ කොප්රල්වරයකු බවද ඇය පවසා ඇත. වසය 14ක් වූ වීඕ 4 නමින් හැදින්වෙන දැරිය තමා දිනපතාම මුදල්, බිස්කට් සහ යූෂ සඳහා ලිංගිකව හැසිරුණූ බවට සාක්ෂි දී තිබේ.

වීඕ 8 නමින් හැදින්වෙන දරුවා ශ්‍රී ලාංකිකයින් 20 දෙනෙකු සමඟ ලිංගිකව හැසිරී තිබේ. ඉන් බොහෝ දෙනෙකු එම දරුවා ට්‍රක් රථයට ගැනීමට පෙර ඔවුන්ගේ නම් සහ අංක සඳහන්  ටැග් ඉවත් කර තිබේ. අනතුරුව ඔහු සමඟ මුඛ සංසර්ගයේ හෝ දූෂණයේ යෙදුණූ බව ඔහු පවසා තිබේ.

හයිටි නීතිය අනුව වයස 18ට අඩු අය සමඟ ලිංගික හැසිරීම නීතිය අනුව දූෂණයකි. එජා රීතින්ට අනුවද ලිංගික සූරාකෑම වරදකි.  ශ්‍රී ලංකා නීතිය අනුවද ළමා අපයෝජනය බරපතල දඩුවම් ලැබිය හැකි වරදකි.

එජා වාර්තාව කියන්නේ වින්දිත දරුවන් 19දෙනා විසින් ලිංගික ක්‍රියාවන් පිළිබඳව දෙන ලද සාක්ෂි සම්පූර්ණයෙන් වාර්තාවට ඇතුලත් කිරීමට බැරි තරම් දීර්ඝ බවයි.

එක්සත් ජාතීන්ගේ පරීක්ෂණයෙන් පසු ශ්‍රී ලාංකික සාම භටයින් 114 දෙනෙකු ආපසු ශ්‍රී ලංකාවට යවන ලදී. නමුත් ඒ කිසිවකුට විරුද්ධව ශ්‍රී ලංකා ආණ්ඩුව නඩු පවරණ ලද බවත් දැන ගන්නට නැත.

මෙසේ හයිටි දරුවන් ලිංගිකව අපයෝජනය කරන ලද සොල්දාවන් තවත් රටවල් ගණනාවකට අයත් වන බවද වාර්තාව පෙන්වා දෙයි. ඒ අතර පකිස්ථානය, උරුගුවේ, බංගලදේශය, බ්‍රසීලය, නයිජීරියාව යන රටවල්ද වෙයි.

– අන්තර් ජාතික පුවත් සේවා ඇසුරෙනි.

No comments:

Post a Comment