16 April 2017

අවුරුදු දවසේ මහා විනාශයක් කර ජීවිත රැසක් බිළිගත් කුණුකන්ද හැදුණේ මෙහෙමයි | PHOTOS



"මීතොටමුල්ල කුණු කන්ද පිහිටා ඇති පොතුවිල්කුඹුර 2008 වසර දක්වා කොලොන්නාව සහ මුල්ලේරියාව නගර සභා සහ ප්‍රාදේශිය සභා කිහිපයක කුණු දැමීමට භාවිතා වූ කුඩා බිම් කඩකි.

2008 වසරේ දී කොළඹ කුණු එකතු කෙරුණු බ්ලූමැන්ඩල් කුණු කන්ද එතැනින් අහවර කරත්ම එම කුණු මීතොටමුල්ල පොතුවිල්කුඹුරට ගෙනවිත් ගොඩ බාන්න විය.

2009 වසරේදී කොළඹ නගර සභාවට විරුධව ප්‍රදේශවාසීන් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලද අතර එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරන්නේ වසර දෙකක් තුළ කුණු දැමීම නතර කරන ලෙසත් අක්කර දෙකකට පමණක් එය සීමා කරන ලෙසත් ය.

මීතොටමුල්ලට කුණු දැමීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක STFR/3H/2015 සහ STFR/318/2015 යටතේ එම නඩු දෙක තිබේ. ඒ අනුව අද වන විට එය අක්කර 20ට ආසන්න වෙමින් තිබේ. කුණු කන්ඳේ උස මීටර් 200 ඉක්මවා ඇත.

දිනකට එහි හැලෙන කුණු ප්‍රමාණය ටොන් 800කි. කොලොන්නාව, මුල්ලේරියාව සහ කොටිකාවත්ත ප්‍රාදේශිය සභා සහ නගරසභාවලට අයත්ව ග්‍රාමසේවා වසම් 8ක් මෙකී කුණු කන්ද අවට තිබේ. ඒ සේදවත්ත, වෙලේවත්ත, කොටුවිල, කුරුණිය වත්ත, කිත්තම්පහුව, වෙහෙරගොඩ, වෙන්න වත්ත,සහ හල්මුල්ල ය. මේ ග්‍රාමයන් සියල්ලම කළුපාට වතුරෙන් පසුගිය ගංවතුරේ දී දරුණුවටම යට වූ අතර එහි බොහෝදෙනා අතීශයම දිලිඳු ආර්ථිකයන් හිමි පිරිස් වේ."

මීතොටමුල්ල පොතුවිල්කුඹුර ඉඩම ගොඩකරනු ලබන්නේ 1989 ගංවතුරෙන් පසුව ය. ඊට පසුව 2008 වනතුරා ප්‍රාදේශීය සභා කිහිපයක කුණු එකතු කිරීමට පමණක් භාවිත කළ පොතුවිල්කුඹුර ඉඩම, 2008දී ලංකාවේම කුණු ගොඩබාන තැනක් බවට පත් කළේ අන් කිසිවකුත් නොව, රාජ්‍ය ආරක්ෂක සහ නගර සංවර්ධන අමාත්‍යාංශය විසිනි.

එවකට අමාත්‍යාංශ ලේකම්වරයා හට කොළඹ ලස්සන කිරීමට විශාල ඕනෑකමක් තිබූ අතර, බ්ලූමැන්ඩල් කුණුකන්ද මීතොටමුල්ලට මාරුවන්නේ ද, ඔහුගේ 'ස්මාට් සිටි' සංකල්පයට රුකුලක් වනු පිණිස ය.


No comments:

Post a Comment