10 April 2017

මෛත්‍රීටත් රථගාය – කෝටි 60ක වාහන දෙකක් ගෙන්වයි (Exclusive) | VIDEO



ජනාධිපතිවරයාගේ භාවිතාව සඳහා රුපියල් කෝටි 60කට (574,270,099)  ආසන්න වටිනාකමකින් යුත් මර්සිඩීස් බෙන්ස් S600 (Customized Limited Edition) වර්ගයේ කාර් රථ දෙකක් ගෙනවා තිබේ.

මේ වනවිට වරායේ තිබෙන මෙම කාර් දෙක සඳහා බදු සහන ලබා දෙන ලෙස ජනාධිපති ලේකම්වරයා විසින් රේගුව වෙත ඉල්ලීමක්ද ඉදිරිපත් කර තිබේ. (චැසි අංක WDD2229762A295414 සහ WDD2229762A295805) මෙසේ ගෙන්වා තිබෙන වාහන ආරක්ෂාව සඳහා විශේෂයෙන් වෙනස්කම් කර තිබෙන අතර සාමාන්‍ය මෝටර් රථයකට වඩා අධික මිලක් මේ සඳහා ගෙවා තිබේ.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් භාවිතා කරන ලද වෙඩි නොවදින බෙන්ස් කාර් රථ 3ක්ද සහ තවත් වෙඩි නොවදින වාහන ගණනාවක් සහිතව දැවැන්ත වාහන ප්‍රමාණයක් හිමි ජනාධිපතිවරයාගේ වාහන සංචිතයට පසුගිය වසරේද අධික මිල කාර් රථයක් ගෙන්වා තිබේ. එය ජනාධිපතිවරයාගේ පුත්‍රයාගේ භාවිතාව සඳහා බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා විසින් භාවිතා කරන ලද සුප්‍රසිද්ධ කැඩිලැක් බීස්ට් රථයේ වටිනාකම ලෙස සඳහන් වන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 1.5 වන අතර එය ආසන්න වශයෙන් රුපියල් කෝටි 23කි.

මර්සිඩීස් S600 රථයේ දැන්වීමක්.

No comments:

Post a Comment