10 April 2017

මේ දිනවල අධික හිරු රශ්මියෙන් අක්‍ෂි ආබාධ ඇතිවීමේ අවදානමක්‌



මේ දිනවල පවතින අධික හිරු රශ්මිය හේතුවෙන් අක්‍ෂි ආබාධ ඇතිවීමේ අවදානමක්‌ ඇති බව කොළඹ ජාතික අක්‍ෂි රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය අයි. එල්. මොහොමඩ් රිෆාස්‌ මහතා මාධ්‍යට ඊයේ (9 ) පැවැසීය.

මේ නිසා පෙරවරු 11.00 සිට පස්‌වරු 4.00 දක්‌වා කාලය තුළ ගමන් බිමන් නොයන ලෙසද හෙතෙම ජනතාවගෙන් ඉල්ලීමක්‌ කළේය.

අත්‍යවශ්‍ය ගමනක්‌ යැමට නම් ප්‍රමිතියෙන් යුත් අව් කණ්‌ණාඩියක්‌ පළඳින ලෙසත් කුඩයක්‌ ද භාවිත කරන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මේ දිනවල වැඩිපුර ජලය පානය කිරීමද ඉතා යෝග්‍ය වේ.

ගමනක්‌ ගොස්‌ යළි නිවසට පැමිණි පසු ඇල් ජලයෙන් ඇස්‌ සහ මුහුණ සෝදා ගන්නැයිද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

No comments:

Post a Comment