10 April 2017

විශ්‍රාම වැටුප සම්පූර්ණයෙන් අහෝසි කිරීමට රජය සැරසේ



විශ්‍රාම වැටුප මුළුමනින්ම අහෝසි කිරීමේ රජයේ ප්‍රතිපත්තිය කම්කරු හා වෘත්තීය සබඳතා රාජ්‍ය ඇමැති රවීන්ද්‍ර සමරවීරගේ ප්‍රකාශයෙන් හෙළිවන බව විශ්‍රාම වැටුප සුරැකීමේ සේවක මධ්‍යස්ථානය සඳහන් කරයි 
.
ඒ අනුව රාජ්‍ය සේවකයන්ට ලබාදෙන විශ්‍රාම වැටුප වෙනුවට විශ්‍රාම යන අවස්ථාවේ කිසියම් මුදලක් ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇති බව පසුගිය 06 වැනිදා මාධ්‍ය හමුවක් පවත්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පවසා තිබීම මත මේ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය හෙළිවන බව එම සංගමය පවසයි 
.
මීට අමතරව 2016 අයවැය යෝජනාව තුළ රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කර ඒ වෙනුවට දායකත්ව විශ්‍රාම වැටුපක් යෝජනා කර තිබෙන අතර, ඒ අනුව 2016න් පසුව රාජ්‍ය සේවයට එක්වන අයගේ පත්වීම් ලිපිවල විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් රජය ඉදිරියේදී ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණයකට ඔබ යටත් විය යුතුය යන්න සටහන් වීම තුළ මෙය වඩාත් පැහැදිලි වන බව එම සංගමය සඳහන් කරයි 
.
ඒ අනුව විශ්‍රාම වැටුප අහෝසි කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ පරාජය කිරීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග අනුගමනය කරන බවත් විශ්‍රාම වැටුප සුරැකීමේ සේවක මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි

No comments:

Post a Comment