10 April 2017

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට ඇතුල් කරගන්නා උසස් පෙළ ප්‍රතිපලයේ වෙනසක් නැහැ



පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සඳහා සිසුන් ඇතුළත් කිරීමේදී දැනට සළකා බැලෙන උසස් පෙළ සාමාර්ථයන් හි වෙනසක් සිදු නොකිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සඳහා දැනට සලකා බැලෙන අවම සුදුසුකම වන ජීව විද්‍යා විෂය ධාරාවෙන් සම්මාන සාමාර්ථ දෙකක් සහ සාමාන්‍ය සාමාර්ථයක් ලබා තිබීම වෙනස් නොවන බවයි වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී වෛද්‍ය ටෙරන්ස් ගාමිණී ද සිල්වා ප්‍රකාශ කළේ.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධයෙන් වූ අවම ප්‍රමිතීන් සඳහා වෛද්‍ය සභාවේ විධායක කමිටුවේ අනුමැතිය මේ වනවිට ලැබී ඇති අතර, එය ඉදිරියේදී විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ මණ්ඩල වෙත යොමුකරන බවයි ඔහු කියා සිටියේ.

No comments:

Post a Comment