10 April 2017

ජල ගාස්‌තු වැඩි කළ යුතුමයි – මණ්‌ඩලයේ සභාපති කියයි



ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්‌ඩලය පවත්වා ගෙන යැම සඳහා ජල ගාස්‌තු වැඩි වීමක්‌ වහාම සිදු විය යුතු බව. මණ්‌ඩලයේ සභාපති කේ. අන්සාර් මහතා මාධ්‍යට පැවසීය.

ජල බිල්පතේ වැඩි වීමක්‌ සිදු වන්නේද යන්න සම්බන්ධයෙන් විමසූ අවස්‌ථාවේ ඊට පිළිතුරු දෙමින් සභාපතිවරයා එසේ කීය.

මේ වන විටත් අමාත්‍ය මණ්‌ඩල අනු කමිටුවක්‌ මඟින් මේ පිළිබඳව පරීක්‌ෂණ කරගෙන යන බවද එහි නිර්දේශවලට කැබිනට්‌ මණ්‌ඩල අනුමැතිය හිමි වීමෙන් පසු ජල බිල්පත වැඩිවනු ඇතැයිද සභාපතිවරයා කීය.

වසර 3 කට වරක්‌ සිදු විය යුතු ජල බිල්පත් සංශෝධනය 2012 වසරේ සිට සිදු වී නැතැයි පැවසූ සභාපතිවරයා ජල ඒකකයක නිෂ්පාදන පිරිවැය රුපියල් 45 ක්‌ පමණ බවද ජල ඒකකයක්‌ සඳහා පාරිභෝගිකයාගෙන් අය කරන්නේ රුපියල් 12 ක්‌ වැනි අවම මුදලක්‌ බවද පැවසීය.

No comments:

Post a Comment