03 May 2017

බැඳුම්කර ගනුදෙනුවේ පාඩුව කෝටි 5500 ක් : දූෂණ වීරෝධී පෙරමුණ



මෙම බැඳුම්කර වෙන්දේසියෙන් පසුව පොලී ඉහළ යෑම නිසා රජයට රුපියල් මිලියන 55,000  ක පාඩුවක් සිදු වූ බවත්, සේවක අර්ථසාධක අරමුදලටද පාඩු සිදු වූඅතර, ඉන් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම විශාල ලෙස ලාභ ලැබූ බවත් බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් පැවසූ දූෂණ වීරෝධී පෙරමුණේ කැඳවුම්කරු උතුරුමැද පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා මෙම පාඩුවීම්වලට හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සෘජුව වගකිව යුතු බවත් පැවසීය.

මෙම බැඳුම්කර වෙන්දේසිය හේතුවෙන් සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන් 2,474,000ක් දෙනාට එක් අයෙකුට රුපියල් ලක්‍ෂ 06 බැගින් පාඩු සිදුවී ඇති බවත්, තමන්ගේ මුදල්වලට සිදු වූයේ කුමක්ද යන්න මේ සියලු දෙනා බලා සිටින බවත් සමරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

වසන්ත සමරසිංහ මහතා මහජන සුභසිද්ධිය උදෙසා ඉදිරිපත් කරනු ලබන ලේඛන ඔප්පු කිරීමේ බාරයට යටත්ව පිළිගන්නා ලෙස පැමිණිල්ල වෙන්වෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා කළ ඉල්ලීම කොමසාරිස්වරු පිළිගත්හ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්‍රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලුපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්ෂි විභාග කිරීම සිදු කෙරේ.

2015 පෙබරවාරි මස පළමුවැනිදාත්, 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයාබැලීම සඳහා මෙම ජනාධිපති පරීක්‍ෂණ කොමිසම පත් කොට ඇත.

No comments:

Post a Comment