03 May 2017

අලුත් දේශපාලන පක්ෂ ගැන තීරණයක් ගන්න මැතිවරණ කොමිසම සූදානමින්



නව පක්ෂ ලෙස ලියාපදිංචිය සිදුකරන දේශපාලන පක්ෂ පිළිබඳව මෙම මස අවසානයේ අවසන් තීරණයක් ගන්නා බව මැතිවරණ කොමිසම පවසයි.

එම කොමිසමේ ප්‍රශකයෙකු සඳහන් කළේ නව පක්ෂ ලෙස ලියාපදිංචිය සිදුකිරීමට ලැබුණු අයදුම් පත් වලට අනුව ඒ පිළිබඳව වූ සම්මුඛ පරීක්ෂණ අවසන් කර ඇති බවය.

මෙවර ලියාපදිංචිය සඳහා නව පක්ෂ 95ක් අයදුම් පත් යොමු කර තිබූ අතර එම සියළුම පක්ෂ සඳහා සම්මුඛ පරීක්ෂණ පසුගිය සති දෙක තුළ සිදුකර තිබේ.

ඒ අනුව ලියාපදිංචිය සඳහා සුදුසු පක්ෂ තීරණය කිරීම මේ දිනවල සිදුකරන බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.

දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචිය සිදුකිරීමට තෝරාගනු ලැබු පක්ෂ මෙම මස අවසානයේ මැතිවරණ කොමිසම විසින් දැනුම්දීමට නියමිතය.

මේ වන විට දේශපාලන පක්ෂ 64ක්, පිළිගත් දේශපාලන පක්ෂ ලෙස ලියපදිංචි කර තිබේ.

No comments:

Post a Comment