22 June 2017

විදේශ ගමන් බලපත්‍රය රුපියල් 100 ට

ජල ගැල්ම හෝ නායයාම හේතුවෙන් තම විදේශ ගමන් බලපත්‍රය අස්ථාන ගත වූ පුද්ගලයෙකු, අලුතින් විදේශ ගමන්බලපත්‍රයක් ලබාගැනීමට ඉදිරිපත් කරන අවස්ථාවේදී අදාළ ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිර්දේශය අනුව ඉල්ලුම්කරු විසින් ගෙවිය යුතු අධිභාරයෙන් නිදහස් කිරීමට රජය තීරණය කර තිබේ.

තවද 2017 ජනවාරි 01 දිනෙන් පසුව විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගෙන ඇති, එහෙත් මෙතෙක් විදේශ ගත වී නොමැති පුද්ගලයෙකුගෙන් ඒ සඳහා රුපියල් 100/-ක සහන මුදලක් අය කිරීමෙන් පමණක් විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමටත් මෙම සහනය 2017 අගෝස්තු 30 දක්වා ක්‍රියාත්මක කිරීමත් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

දැනට පවතින නීතිමය තත්ත්වය යටතේ විදේශ ගමන් බලපත්‍රයක වලංගු කාලසීමාව ඉකුත්වීමට පෙර අස්ථාන ගත වී හෝ විනාශ වී හෝ ඇත්නම් නව විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීමේදී රුපියල් 10,000/-ක අධිභාරයක් ගෙවිය යුතු වේ.

මෑතකදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඇති වූ ගංවතුර හා නායයාම් සිද්ධීන් හේතුවෙන් සැලකිය යුතු පිරිසකගේ විදේශ ගමන් බලපත්‍ර හානි ‍වී හෝ අස්ථානගත වී ඇති බවට වාර්තා වී ඇති බැවින් රජය විසින් මෙම පියවර ක්‍රියාවට නැංවීමට තීරණය කර තිබේ.


No comments:

Post a Comment