22 June 2017

"ක්‍රිඩකයන්ට ඔහුන්ගේ නිදහස ලබා දෙන්න. මම මාලිංගට කැමති මාලිගේ කට නිසයි" මහේල | VIDEO


ශ්‍රී ලංකා ක්‍රීකට් ක්‍රීඩකයන් සිය ශරීර යෝග්‍යතාවය වර්ධණය කර ගත යුතු යැයි ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර සිදු කල ප්‍රකාශයක් මේ දිනවල මහත් ආන්දෝළනයකට තුඩු දි තිබෙනවා.

දයාසිරිගේ ප්‍රකාශයෙන් පසු ආන්ජලො මැතිවුස් සිය ඉන්ස්ටාග්‍රැම් ගිණුමට තමන් ව්‍යායාම කරන අයුරු දැක්වෙන වීඩියෝවක් පල කල අතර ඔහු කියා සිටියේ ලෝකය කෙතරම් කුරිරු වුවත් තමන් සිය ගමන යායුතු බවයි.

ඉන්පසුව දනුෂ්ක ගුණතිලකද තමන් ව්‍යායාම කරන අයුරු දැක්වෙන ඡායාරූප පළ කලා.

ජ්‍යේෂ්ඨ ක්‍රීඩක ලසිත් මාලිංගද විද්‍යුත් මාධ්‍යයකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ක්‍රීඩා ඇමතිවරයාගේ ප්‍රකාශය දැඩිව විවේචනය කල අතර හිටපු ක්‍රීඩක මහේල ජයවර්ධන ද සිය නිළ ට්විටර් ගිණුමෙන් මේ සම්බන්ධව අදහස් දක්වා තිබෙනවා.



එහිදි මහේල කියා තිබෙන්නෙ අයි.සී.සී තරගාවලියක් පැරදුනු සැනින් ක්‍රීඩකයන් විවේචනය කිරීම නොකල යුත්තක් බවයි . එමගින් ක්‍රීඩකයන්ට සි‍ය නිදහස අහිමි වන බවත් , නිදහස් පරිසරයක ක්‍රීඩා කිරීමට ඉඩ හැරීමෙන් පමනක් ක්‍රීඩකයන් ලැදියාවෙන් ක්‍රිඩා කරන බව මහේල පෙන්වා දෙනවා.

ලසිත් මාලිංග සිදු කළ ආන්දෝළනාත්මක ප්‍රකාශයද සිය නිළ ට්වීටර් ගිණුමේ පළ කොට ඇති මහේල ඊට පෙර වදනක් ලෙස එක්කොට තිබෙන්නෙ "මම මොහුට කැමති මෙන්න මේ නිසයි" යනුවෙනි.

දයාසිරි ජයසේකර ක්‍රිඩා ඇමතිගේ ඍජු විවේච්නයට ලක් වූ කණ්ඩායමේ වත්මන් නායක ආන්ජලෝ මැතිවුස්ට නායකත්වය ලබා දීමේ මෙහෙයුමේ පෙරගමන් කරුවා තමන් බවද මහේල ක්‍රිකින්ෆෝ වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් කියා තිබුනෙ මින් පෙරයි . ඒ අනුව මහේල සිය සගයා සහ කන්ඩායම ආරක්ෂා කිරීමට පෙරට පැමින ඇති බව ක්‍රිඩා විචාරකයන්ගේ මතයයි.

මහේලගේ ප්‍රකාශයන් අඩංගු ට්විටර් පණිවිඩ පහතින්



No comments:

Post a Comment