22 June 2017

'පෝයට බාර් වැසීමෙන් මත්පැන් භාවිතය වැඩිවෙනවා' අමාත්‍ය මංගල සමරවීර

පෝය දිනවලදී තැබෑරුම්හල් වසා තැබීම හේතුවෙන් මත්පැන් භාවිතය ඉහළ ගොස් ඇති බව තමාට හැගෙන්නේ යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේදී අද (21දා) අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

එසේම බියර් හා වයින් මිල සංශෝධනය කිරීම මගින් නීතිවිරෝධි ලෙස ශ්‍රී ලංකාවට මත්පැන් ආනයනය කිරීම අවම කළ හැකි යැයි තමන් විශ්වාස කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

බීර වලට වැඩිම බදු ලංකාවේ  

ස්ප්‍රීතු සඳහා අය කරන බදු වලට වැඩි බදු ප්‍රමාණයක් ශ්‍රී ලංකාව බීර වලට අයකරන බව රාජ්‍ය ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි. 

පාර්ලිමේන්තුවේදි අද විවාදයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මේ පිළිබඳව රජය අවධානය යොමුකළ යුතු බවත් ස්ප්‍රීතු සඳහා අයකරන බඳු සංශෝධනය කළ යුතු බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. 

සුරාබදු ආඥා පනත යටතේ ඉදරිපත්වූ නිවේදනයක් පිළිබඳව මෙම විවාදය පාර්ලිමේන්තුවේදී පැවැති අතර එම නිවේදනය පාර්ලිමේන්තුවේදී සම්මත විය.



No comments:

Post a Comment