25 June 2017

ප්‍රකෝටිපතියන් 170ක් ශ්‍රී ලංකාවේ

අමෙරිකානු ඩොලර් කෝටියකට (මිලියන 10) වඩා ධනයකට හිමිකම් කියනු ලබන ප්‍රකෝටිපතියන් 170 දෙනෙක් කොළඹ නගරයේ පමණක් සිටින බව බ්‍රිතාන්‍ය Knight Frank සමාගම 2016 වසරේ ලෝක ධනවතුන් පිළිබඳව වාර්තාව (The Wealth Report) එළිදක්වමින් අනාවරණය කර තිබේ. සමස්ත ලංකාවේ ඩොලර් දස ලක්ෂයකට වඩා වැඩි ධනයකට හිමිකම් කියන ධනවතුන් සංඛ්‍යාව 5000කි. කොළඹ නගරයේ පමණක් ඩොලර් දස ලක්ෂයකට වඩා හිමිකම් කියන ධනවතුන් 3,400 ක් වෙසෙන බව ද එහි සඳහන් වේ. එම සංඛ්‍යාව 2026 වන විට 13000 දක්වා ඉහළ යනු ඇතැයි ද කොළඹ නගරයේ ප්‍රකෝටිපතියන් සංඛ්‍යාව 26ක් දක්වා ඉහළ යනු ඇතැයිද එව ධනවතුන් පිළිබඳ වාර්තාවෙන් පුරෝකතනය කර ඇත.

ලංකාවේ ධනවත්ම ව්‍යාපාරිකයන් 07 දෙනාගේ ලයිස්තුව ද කොටස් වෙළඳපොළ ගනුදෙනුව අනුව නිකුත්ව තිබේ. කොටස් වෙළඳපොළේ 8%ක්ම පාලනය වන්නේ ලංකාවේ ධනවත්ම හත් දෙනාට අයත් ව්‍යාපාරයන් තුළින් බව ද සඳහන් වේ.

එම වාර්තාව අනුව දස ලක්ෂයකට වඩා වැඩි ධනයකට හිමිකම් කියන ධනවතුන් වැඩියෙන්ම සිටින නගරය නිව් යෝක් (15180) වන අතර එම ලයිස්තුවේ දෙවැනි තැන හිමි කරගෙන ඇත්තේ ලන්ඩන් නුවර (12070) වේ.

No comments:

Post a Comment