25 June 2017

විධායකය අහෝසි කර නව තනතුරකට ශ්‍රීලනිපය එකගයි ?

තීරණයක් ගැනීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානමින් පසුවන බව අනාවරණ වනවා. ඒ අනුව මීට අදාළව නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ටයින් හා ජනාධිපතිවරයා පැවැත්වූ සාකච්ජා සාර්ථකවී ඇති බවයි එම වාර්තා හෙළිකරන්නේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය ධුර කාලය හමාරවීමට පෙර විධායක ජනාධිපති ධුරය අහෝසි කොට රජයේ නව තනතුරක් භාරගත යුතු බවටයි මෙහිදී යෝජනා ඉදිරිපත්ව ඇත්තේ.

කෙසේ වෙතත් එවන් තීරණයක් ලබා ගැනීමට ව්‍යවස්ථාව සංශෝ්ධනය කළ යුතු අතර ඊට රාජපක්ෂ පිලේ සහාය ලබා ගැනීමටද  යෝජනා ඉදිරිපත්ව තිඛෙනවා.

මේ අතර අගෝස්තු මාසයේදී එක්සත් ජාතික පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර හවුල් ආණ්ඩු ගිවිසුමටද සංශෝධන ඉදිරිපත් කර පවත්වාගෙන යාමටයි නිදහස් පක්ෂය යෝජනා ඉදිරිපත් කර ඇත්තේ.

No comments:

Post a Comment