25 June 2017

වෛද්‍ය වර්ජන ආවොත් වෛද්‍යවරු පිටරටින් ගෙන්වීමේ සැලසුමක්

වෛද්‍ය වර්ජන අඛණ්‌ඩව පැවතුණොත් විදේශ රටවලින් වෛද්‍යවරු පන්දහසක්‌ (5000) පමණ මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බව අනාවරණ වනවා.

මීට අමතරව ආරක්‍ෂක අංශවල සිටින වෛද්‍යවරුද ප්‍රතිකාර සඳහා රජයේ රෝහල්වලට යෙදවීමට රජය සැලසුම්කර තිබූ බවයි රජයේ ප්‍රකාශකයකු සදහන් කර ඇත්තේ.
අසාධාරණ ලෙස නිරන්තරයෙන් සිදුකරනු ලබන වෛද්‍ය වර්ජනයන්ගෙන් ජනතාව පීඩාවට පත්වීම වැලැක්වීම මෙහි අරමුණ බවයි ප්‍රකාශ වන්නේ.

දැනටමත් විදේශ රටවල වෛද්‍යවරු මෙරට සේවයේ නිරතව සිටිනවා.
ඉදිරියේදී වෛද්‍යවරු ගෙන්වන්නේ නම් ඔවුන්ගේ සහ රෝගීන්ගේ පහසුව සඳහා රෝහල්වල සෙසු සේවාවන්හි සිටින ඉංගී්‍රසි දැනුම ඇති පිරිස්‌ සහ භාෂා පරිවර්තකයන්ගේද සහය ලබා ගැනීමටයි රජය සැලසුම් කර ඇත්තේ.

මෙවර වර්ජනය අතරතුර මෙම පියවර අනුගමනය කිරීමට නියමිතව තිබුණද රජයේම ඇතැම් පාර්ශව ඊට විකල්ප අදහස් පල කිරීම හේතුවෙන් මේ සම්බන්ධ අවසන් තීරණයකට එළඹීම ප්‍රමාද වී තිබුණා.


No comments:

Post a Comment