07 June 2017

ලංකාවේ දිගම උමං මාර්ගයට කොරියාවෙන් බිලියන 30 ක්

 මහනුවර ඉදිකිරීමට නියමිත උමං මාර්ගය සඳහා අවශ්‍ය මූල්‍යමය පහසුකම් ලබාදීමට කොරියානු රජය එකඟ වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව කොරියානු රජයේ උපායමාර්ග හා මූල්‍ය අමාත්‍යාංශය උමං මාර්ගය ඉදිකිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණයක් (රුපියල් බිලියන 30.9ක්) ශ්‍රී ලංකාවට ලබාදෙනු ඇත.

අවුරුදු 40ක ආපසු ගෙවීමේ පදනම යටතේ 0.15% ක සහන පොලී අනුපාතිකයක් යටතේ  කොරියානු එක්සිම් බැංකුව හරහා මෙම ණය ශ්‍රී ලංකාවට ලැබිමට  නියමිතය.

කිලෝමීටර් 5.5ක දුරකින් යුත් උමං හතරකින් සමන්විත මෙම මාර්ගය සුදුහුම්පොල සිට තැන්නේකුඹුර දක්වා බෝගම්බර හා අම්පිටිය හරහා ඉදිවෙයි. එය ඉදිවිමෙන් පසුව මෙම උමං මාර්ගය ශ්‍රී ලංකාවේ පවතින දිගම උමං මාර්ගය බවටත් පත්වෙනු ඇත.

මහාමාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර ඒ සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය දායකත්වය  ලබාදෙයි.  මහනුවර පවතින අධික වාහන තදබදය අවම කිරීම සඳහා  උමං මාර්ගය ඉදිවෙයි.උමං මාර්ගය ඉදිකිරීමෙන් පසුව මහනුවර වැව රවුම මාර්ගයට පැමිණීමෙන් තොරව වෙනත් පළාත්වලට පිවිසීමේ අවස්ථාව ලැබෙයි.

මේ වන විට සුදුහුමුපොල සිට තැන්නේකුඹුර දක්වා ගමන් කිරීමට සාමන්‍යයෙන් පැය දෙකක කාලයක් ගත වුවත් නව මාර්ගය ඉදිකිරීමෙනන් පසුව එම ගමන විනාඩි 30කට වඩා අඩුකාලයකින් ගමන් කිරීමේ අවසථාව ලැබෙයි.

ශ්‍රී ලංකාව හා දකුණු කොරියාව අතර රාජ්‍ය ත්‍රාත්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 40ක් පිරෙන අවස්ථාවක මෙම ණය ලැබිමද සුවිශේෂී වෙයි.

No comments:

Post a Comment