07 June 2017

අනේ අපොයි මෙහෙමත් ලොක්කෝ

මහා ගංවතුරෙන් රටම විනාශ වුණේ පහුගිය දවසේ. විනාශයෙන් වැඩිම බලපෑම වුණේ රත්නපුරටයි කළුතරටයි කියලා තමයි කියන්නේ. මේ නිසා මිනිස්සු අසරණ වුණා නෙමෙයි ජීවිතයෙන් වන්දිත් ගෙවන්න වුණා. මේ නිසා රටම හිටියෙ ඇඬූ කඳුළින්.

ඔහොම තත්ත්වයක ඉන්නකොට පහුගිය දවසේ එක්තරා දවසක කොළඹයි, කළුතරයි තාප්පවල පෝස්ටරයක් වදින්න ගත්තලු. ඒ ෆොටෝ එකේ හිටියේ ආණ්ඩුවේ නිල හඬක්ලු. කට කපලා හිනාවෙලා ඉන්න ‍ෆොටෝ එක ළඟින් තියෙනවලු චිරං ජයතු කියලා. යටින් තියෙනවලු ජන්ම දිනයට විෂ් කොරලා.

 මේ පෝස්ටරේ හැමතැනම අලවලලු. හැබැයි ගහලා තිබිලා තියෙන්නේ ඔය ඇමැති තැනගේ ගෝලයෙක්ලු.
මේ ගැන ඇමැති තැනත් නොදැන හිටියයි කියලා ආරංචිය. කොහොම වුණත් මේක දැක්ක දැක්ක අය අනේ අපොයි මෙහෙමත් ඇමැතිවරු කියාගෙනලු ගියේ. වැඩේ ඇමැති තැන දැනගන්නකොටත් රටම ඒ වැඩෙන් ගිනි අරගෙන ඉවරලු.

Deshaya

No comments:

Post a Comment