07 June 2017

වයාග්‍රා විස්මිත පෙත්තේ ඇත්ත නැත්ත

ලිංගික අප්‍රාණිකත්වය නැත්නම් නෂ්ඨකාමය ඇති අයට දැන් විස්මිත පෙත්තක් භාවිත කිරීමේ වරම ලැබී තිබේ. ඇත්තෙන්ම කිව්වොත් මේ නම් මැජික් පෙත්තකි. ඒ තමා වයාග්‍රා. නමුත් මේ මැජික් පෙත්ත ගත යුත්තේද තෝරා බේරා වෛද්‍ය උපදෙස් මත පමණයි. සමහරුන්ට මේ කියන වයාග්‍රා නිසාත් නොයෙකුත් අපහසුතාවන්ට ලක්වන්නට සිදුවූ අවස්ථා අපමණයි. වයාග්‍රා ගැනත් බොහෝ දෙනා තුළ මිත්‍යා මත ගණනාවක් තිබේ. විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ ඔය කියන මැජික් පෙත්තේ හාස්කම ගැන ඇත්ත නැත්ත අපිට පැහැදිලි කළේ මෙහෙමයි.

මුලින්ම වයාග්‍රා සොයාගත්තේ ලිංගික අප්‍රාණිකත්වයට බෙහෙතක් හැටියට නොවෙයි. හදවතේ රුධිර නාල සිහින් වීමට බෙහෙතක් හැටියට සොයාගත් මෙය ලබා දුන් විට ලිංගික අප්‍රාණිකත්වයත් නැතිවෙන බව සොයාගන්න ලැබුණා. එදා ඉඳන් මේ පෙත්ත මහා මැජික් පෙත්තක් බවට පත්වුණා.

වයාග්‍රා සොයාගැනීමත් සමඟ තමා ලිංගික අප්‍රාණිකත්වය මගින් පෙලෙන අය කාණ්ඩ දෙකකට වෙන් වුණේ. මානසික හේතු නිසා අප්‍රාණිකත්වය හටගන්නා අය පළමු කාණ්ඩයයි. කාන්සාව, මානසික අවපීඩනය, ස්වාමියා සහ බිරිය අතර ඇතිවන ගැටලු නිසා එකිනෙකා අතර ආකර්ෂණය නැතිව යාම මේ කාණ්ඩයට අයත්. මේ නිසා හටගත් අප්‍රාණිකත්වයට වයාග්‍රා හුඟක් ඵලදායී බෙහෙතක් වුණා. කොටින්ම වයාග්‍රා මගින් මේ කියන අයගෙන් 85%ක්ම ගොඩ ගියා.

දෙවැනි කාණ්ඩය, කායික රෝග නිසා හටගන්නා අප්‍රාණිකත්වයට ගොදුරු වන අය. රුධිර නාලවල කොලෙස්ටරෝල් තැන්පත් වීම නිසා හටගන්නා ඇතරෝස්ක්ලෙරෝසියාව, දියවැඩියාව සහ පුරස්ථි ග්‍රන්ථියේ සැත්කම් නිසා හටගන්නා ස්නායු දුබලතා  ඒ සඳහා උදාහරණ ලෙස පෙන්වන්න පුළුවන්. මේ අයගෙනුත් සියයට 35කට පමණ වයාග්‍රා ප්‍රතිඵලදායක බව කිවයුතුයි.

ඒ කියන්නේ අප්‍රාණිකත්වයට කියාපු බේත!

හැබැයි ඉතින් මේ මැජික් පෙත්ත ගන්නට ඕනෑත් ටිකක් කල්පනාකාරීව අරපරෙස්සමින් තමා. මොකද මේ පෙත්ත ගන්න සුදුසු නැති අයත් ඉන්නවා. ඒ ගැන හරියටම දැනගන්න පුළුවන් වෛද්‍යවරයකු හමුවීමෙන් තමා. ඉන්පසුව වෛද්‍ය නිර්දේශය මත තමා මේ පෙත්තේ මැජික් බලය වැඩට ගන්නට ඕනෑ.

අපි දැන් බලමු කාටද මේ පෙත්ත අගුණ කියලා.

සිල්ඩෙනෆිල් සිට්‍රේට් නැත්නම් වයග්‍රා හෘදයාබාධවලින් පෙලෙන අයට අගුණයි. ඊළඟට ආමාශයේ තුවාල ඇති අයට, ඒ වගේම ලේ කැටි නොගැසීමේ රෝගාබාධ (හිමොෆීලියාව) ඇති අයටත් සුදුසු නැහැ.

ඒ වගේම සමහර ඖෂධ වර්ග ගන්නා අයටත් වයාග්‍රා භාවිතය අගුණයි. එයින් එකක් තමා Nitroglycerine – TNT හෙවත් දිව යට තබාගන්නා හෘදරෝගීන්ට දෙන පෙත්ත. අනෙක් ඒවාත් හෘද රෝගීන්ට ලබාදෙන ISDN, Isodril, Sobitrate ඒ වගේම Pentaerythritol – Teranitrebe ඒ වගේම Erythrityl Tetranitrat – Cardilate කියන පෙති. ඉතින් මේ අපබ්‍රංස වගේ පෙනෙන බෙහෙත් ගැන හරියටම දන්නේ දොස්තර මහත්තුරු තමා. ඒ නිසයි වෛද්‍ය උපදෙස් මත වයාග්‍රා ගැනීම සුදුසුයි කියලා කියන්නේ ඒ වගේම Cimetidine, Erythromycin, Ketoconazole, Itraconazole ඖෂධ සමගත් වයාග්‍රා ගැනීම අවදානම්.

තවත් වැදගත් කරුණක් තමා වයාග්‍රා නිසා සමහරුන්ට අතුරු ආබාධ හටගන්නත් පුළුවනි. ඒ වගේ ඇතිවන අතුරු ආබාධ තමා මේ. හැබැයි මේවා ඇතිවන්නේ ඉතාම සුළු ප්‍රතිශතයකටයි.

වයාග්‍රා ගැන තියෙන මිත්‍යාවන් ගැන අපි ඊළඟට කතා කරමු.

උපදෙස් විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ

No comments:

Post a Comment