06 July 2017

ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා හා ජනාධිපතිවරයා අතර හමුවක් මහනුවර ජනාධිපති මන්දිරයේදී  අද (06) පැවැත්වෙනවා. ඒ වර්ථමානයේ රටේ පවතින තත්ත්වයන් සම්බන්ධයෙනි.

එම අවස්ථාවේදී මහනායක හිමිවරුන් සහ ජනාධිපතිවරයා අතර පවතින් සාකච්ඡාවට බඳුන්වන විශේෂ කරුණු කිහිපයක් ඇතුළත් පිටපතක් අපවෙත ලැබී තිබෙනවා.

පසුගිය ජනාධිපතිවරණයේදී විධායක බලතල අහෝසි කිරීමටත් නව ව්‍යවස්ථාවක් සැකසීමට නායකත්වය දීමට පොරොන්දුවූ අතර ලිච්ඡවී  පාලනයක් ඇති කළ හැකි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්  පිළිබඳව අගමැතිවරයා මහ මැතිවරණයේදී සඳහන් කළ බවයි එම යෝජනාවලියේ  සඳහන් වන්නේ.

ඒ සඳහා අගමැතිවරයාට බහුතර බලයක් නොලැබුණු බවද උන් වහන්සේලා යෝජනාවලියේ සඳහන් කර තිබෙනවා.

එසේ තිබියදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමට උත්සහ කිරීමෙන් මෙතෙක් නොතිබුණු අනවශ්‍ය ගැටළු ඇතිවන ලකුණු පෙනෙන බවයි උන් වහන්සේලා පෙන්වා දෙන්නේ.

එම නිසා නව ව්‍යවස්ථාවක් මෙම අවස්ථාවේ සැකසීම අනවශ්‍ය බව එම යෝජනා අතර සඳහන් වනවා.





No comments:

Post a Comment