06 July 2017

ශ්‍රී ලංකාවේ විශාලම සූර්ය විදුලි ව්‍යාපෘතිය පුනිරින් ප්‍රදේශයට

 මෙගාවොට් 800ක විදුලි ධාරිතාවයක් උත්පාදනය කරන සූර්යබල විදුලි ව්‍යාපෘතියක් ඉතා කඩිනමින් පුනරීන්හිදී ආරම්භ කිරීමට නියමිත බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප‍්‍රකාශ කළේ අද (06දා) පෙරවරුවේ අදාළ ව්‍යාපෘතිය ඉදිකිරීමට යෝජිත භූමියේ, ස්ථානීය පරීක්ෂාවකට සහභාගි වෙමිනි.මෙම ව්‍යාපෘතියට සමගාමීව මෙගාවොට් 240 ක ධාරිතාවයකින් යුත් සුළංබල ව්‍යාපෘතියක්ද යෝජිත භූමියේ ආරම්භ කිරීමට නියමිතය.

මෙම ව්‍යාපෘති හරහා විකල්ප බලශක්තීන් වෙනුවෙන් මෙරටින් විදේශයන්ට ඇදීයන මුදලින් රු. බිලියන 03 ක් පමණ වසරකට ඉතිරිකර ගැනීමට හැකියාව ලැබෙන බව වැඩිදුරටත් ප‍්‍රකාශ කළ අමාත්‍යවරයා පැවසුවේ, ලබන අගෝස්තු මාසයේදී මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමක් සිදුකරන බවයි.

No comments:

Post a Comment